ඔන්න අපි ලැස්තී දෙවෙනි දවසට....
අපි ප්ලැන් කරේ නල්ලතන්නිය හරහා සිරීපාදෙ නගින්න.. කොහොමත් සිරීපාදෙ නගින්නෙ හවස් වෙලා නිසා අපෙ එවුන් ඉබාගාතෙ ගම වටේ කරක් ගහන්න ගත්ත.. අපි හිටියෙ සිල්වගෙ නැන්දලගෙ ගෙදරනෙ.. එහෙ ඔය දවස් ටිකෙ හිටියෙ නැන්දගෙ දුවගෙ මහත්තය අයිය විතරයි. ඉතින් පොරත් අපිට මාර සප් එකක් දුන්න.. නැන්දල හිටියනම් පොඩ්ඩක් ධමනය වෙලා ඉන්න ඔනනෙ..
එහේ හැම ගෙදරම මොනව හරි වවල තියෙනව. එලවළු පළතුරු වලින් අඩුවක් නැහැ... කිතුල් ගස් එහෙම තියෙන නිසා අපේ කස්ටිය ගහේ බඩු හොයාගෙන රට වටේ කරක් ගහනව. තව උන් දෙන්නෙක් කිතුල් හකුරු හොයගෙන රවුමෙ යනව. මම නැග්ග පැණි දොඩම් ගහකට නැගල ඒ ගහ සුද්ද කරා.. පස්සෙ බලද්දි.. පැණි කිව්වට පැණි තිබිල තියෙන්නෙ දොඩම් මල්වල විතරයි.. අමාරුවෙන් ගෙඩියක් කැවට එවා ඇබුල් දොඩම්..
ඔන්න ඔහොම ඉදල අපි සෙට් උනා සිරීපාදෙ තරණය කරන්න.. මොකද මේක මගේ පළවෙනි පාර.. බස් එක යන වෙලාව අපි දැනගෙන හිටියත් වෙලාවට වැඩ කරන නිසා බස් එක ගිහිල්ල පැය බාගෙකට විතර පස්සෙ අපි පාරට ආව.. අපේ පැත්තෙනම් පරට බැස්සගමන් බස් කරයො අපිව වඩගෙන එක්ක යනවනෙ.. ඔච්චර පරක්කු වෙලා ඇවිල්ලත් අපෙ දෙන්නෙක් අයෙ මාරු උණා කොහෙටද යන්න ඔන කියල.. උන්ට රා පොට් එකක් අහුවෙලා ද කොහෙද...
ඉට පස්සෙ පැල් කවි, පතල් කවි, කිය කිය අවා පයින්ම යමු කියල.. කියපු විදියට 20km වගෙ තිබුන ගමනට.. අපි යනවිදියට කොහොමත් පහුවදා වෙද්දි සිරීපාදෙ නගින්න තිබුන..
ඔහොම කැලේ බල බල තේ වතු පහු කරන් යනකොට පැය දෙකකට වරක් යන දෙවෙනි බස් එක අපිව හොයාගෙන ආව හැබැයි එක යන්නෙත් මගට.. කොහොම හරි ඉතින් යමුකො කියල නැගල මගට ගිහිල්ල.. ඉතුරු ටික පයින් ගියා..
අපි ඉතින් අමාරුවෙන් බඩගාගෙන සිරීපාදෙ නැග්ග... නගින අතර තුර ඉතින් ඉදිකටු පනෙ ඉදිකටු එහෙම ඇනල ගියේ.. අතර මගදි වෙච්ච සමහර දෙවල් කියන එක සදාචාර සම්පන්න නැති නිසා ලියන්නෙ නැහැ අනික සිරීපාදෙනෙ නගින්නෙ..
යද්දි සීත ගගුලෙන් නාන්න එහෙම අපි ඇබරුණේ නැහැ.. හීරො ලගෙ role එක රගපාද්දි ඔවට ඇබරෙනවද.. පස්සෙනෙ දන්නෙ උඩට ගියාම කකුල් හිටන් වෙව්ලන්න ගන්න බව,, මොන සිරීපාදෙද උඩට ගියා විතරයි කස්ටික ඔක්කොම මරු උණා හරියට principal ව දැකල දුවනව වගෙ.. ආපු ඒම ඇවිල්ල අයෙ නතර උණේ මග තිබුන අම්බලමක.. මොඩකමට බෙහෙත් නැහැනෙ.. සීත ගගුලෙ උඩ පැන පැන නාල ඇස්වලින් කදුලු පනින්න සීතල අල්ලල බැස්ස... එතනදිත් ඉතින් පොඩි පොඩි ජරා වැඩ කරා.. කවෘ හරි පින්වතෙක් දර ගොඩක් ගෙනල්ල දාල තිබුන කඩෙක දර වෙන්න ඔන.. අපි ඉතින් අපේ අම්බලමෙ තිබුන දර අපේනෙ කියල ඔක්කොම පුච්චල අලු කරල දැම්ම.. සීතලෙනෙ හිටියෙ..
අපේ කට්ටිය හරි දක්ශයි අනුන්ව අන්දන්න.. බොරු කියල.. දක්ශතාවය තියෙන උදවිය අහල පහල තිබුන පොඩි කඩවල් වලින් තේ එහෙම බීල හැලප කාල බොරු කිලො ගනන් වලින් ගාන බේරල ආව.. එළිවෙන්න කිට්ටු කරල අයෙ ඔක්කොමල පල්ලම් බැස්සෙ අපරාදෙ සිරීපාදෙ අවට වැඩක් උණේ නැහැ කියන දුකෙන්...
3 වෙනි කොටසින් හමුවෙමු..
***************************************
This entry was posted
on Tuesday, May 17, 2011
at Tuesday, May 17, 2011
and is filed under
ට්‍රිප් එක
. You can follow any responses to this entry through the
comments feed
.
Archives
Followers
Categories
Popular Posts
- After A/L Trip - Last Part (Day7)
- After A/L Trip - Part 8 (Day6) - කදු දිගේ නුවර එළියට
- After A/L Trip - Part 6 (Day4 - 2) - හොටන් තැන්නේ දවස
- After A/L Trip - Part 3 (Day3 - 1) - සිරීපාදෙ සිට ගෙදරට
- After A/L Trip - Part 5 (Day4- 1) - කැළේ මැදින් හොටන් තැන්නට
- After A/L Trip - Part 4 (Day3 - 2) - ලක්ශපානේ සිට ඔහියට
- After A/L Trip - Part 1 (Day1) - ට්‍රිප් එක ලක්ෂපානට
- After A/L Trip - Part 7 (Day5) - හොරෙන් මාරු වීම
- 1st Step...
- After A/L Trip - Part 2 (Day 2) - සිරී පාදෙට පළමු වරට