After A/L Trip - Part 1 (Day1) - ට්‍රිප් එක ලක්ෂපානට  

Posted in


ඔන්න පළවෙනි දහ දුරා සන්නිය :: අපි ප්ලැනක් ගැහුව ට්‍රිපක් යන්න AL ඉවර උන ගමන්.. හැබැයි මෙකට කලින් ලියන්න කතා ගොඩක් තිබුනත් එව ලියන්න හිතෙන හිතෙන විදියට ලියනම් පස්සෙ..

මෙක ලියල තියෙන විදිය ගැන එච්චර හිතන්න එපා මොකද විකාරෙන් ලියද්දි කොහෙන් පටන්ගෙන කොහොම ඉවර වෙවිද කියල මටත් එච්චර idea එකක් නැහැ.. කියවගෙන යද්දි ලියපු විදිය අමතක වෙවි කියල මම හිතනව.. මෙකෙ තියෙන විදියට හුගක් අයට trip යැම එපා වෙවි.. rolling on the floor




අපේ ට්‍රිපේ root එක ප්ලැන් කරපු විදියනම් මට එච්චර මතක නැහැ. මොකද එක එකාට හිතුන විදියට එක එකා ප්ලැන් ගහල ඔන්න set උනේ.. සල්ලි එහෙම හොයපු විදි ගැන මම කියන්න යන්නෙ නැහැ. මොකද ට්‍රිප් එක කියවන්න කලින් බලන එවුන්ට අපිව එපාවෙන හින්ද... rolling on the floor ම්ම නම් ඉතින් අපේ අම්මට බොරු කොටියක් කියල රු. 500/- ඉල්ලගෙන තමයි ඔකට සෙට් උනේ..ඔන්න අපෙ root එකේ දල අදහස.

1. ලක්ශපානෙ "සිල්වගෙ" නැන්දලගෙ ගෙදර... :D
2. සිරීපාදෙ...
3. හොටන් තැන්නෙ...
4. නුවර එළිය..

දවස් 7යි ප්ලැන් එක අනුව ට්‍රිප් එකේ ආයු කාලය..

ඔන්න ඔක යන දවසෙ අපි දෙතුන් දෙනෙක් හිටියෙ කොළබ.. කොළබ ඉදල තමයි කට්ටිය සෙට් වෙලා යන්න ප්ලැන් එක තිබුනෙ, ඔක්කොටම කලින් කියන්න ඔන අපි ඔක්කොම ගාල්ලෙ පාසල් ගිහිල්ල ගාල්ල කකා හිටපු කට්ටිය පහු පහුවෙලා ඇත් උණාට.

මතක හැටියට යන්න සෙට් වෙල හිටියෙ.. මම, රාමෙ, සිල්ව, කලුව, ගීත්, බූන්, කමල්, කුකුල, සමීර, කුලේ, එරන්ද .. මාර කේස් එක තව එකෙක් ගියා මතක නැහැ.. ඔන්න අපි සෙට් උනා කොටුව ස්ටේශන් එකට ලක්ශපාන යන්න බලාගෙන.. හවස 5.30ට බස් එකක් යනව මස්කෙළියට ද කොහෙදො.. එකෙ යන්න හිත ගෙන අපි ගියා පිටකොටුවට.. බස් එක කට කපල සෙනග.. ලක්ශපානෙට යන්න පැය 3 4ක් යන්ව.. කොහොම කොහොම හරි බස් එකේ නැගල හිරවෙල දගලල අමරුවෙන් යන්න පිටත් උනා.. යන අතරමග එක එක දේවල් උණාට ඒව එච්චර වැදගත් නැහැ.. මොකද කස්ටියට එතරම් මල පැනල ඔය ටික ගියේ.. බස් එකේ ඉන්නෙ regular කට්ටිය office ඇරල ගෙවල් වල යන අය.. උන් එක්ක එක එකා ඇරගන්න ගියත් බොහොම අමාරුවෙන් ශේප් එකේ ලක්ශපානට..

අපි යනකොට රැවෙලා තිබුන නිසා කැම බීම problem එකක් වෙලා තිබුනෙ. ඔන්න කොහොමහරි අපෙ දෙතුන් දෙනෙක් ගෙදරින් පිටවෙලා කැම හොයන්න එළියට ගියා. ඔය කිව්වට එහේ night කඩවල් නැහැ. උන්ට පුරුදු town එකෙ ඉදලනෙ.. මත් හෙමීට උන් එක්කම එළියට බැහැල ගියා යන දිහාක ගිහින් කෙහෙල් කැනක්වත් කපාගෙන එමු කියල.. laughing

ගමටම තිබුණ එකම කඩේට යනකොට එක වෙලාවට ඇරළ තිබුණ.. පාන් සමග හකුරු අරගෙන අපි හිටපු 4 5 දෙනා බඩ පුරව ගත්ත.. අනිත් එවුන්ට ඉතින් ඇල් වතුර තමයි එදා රැ...

පහුවදා වෙච්ච දේවල් අනිත් කොටසෙ..

***********************************************************************

This entry was posted on Tuesday, April 12, 2011 at Tuesday, April 12, 2011 and is filed under . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment