After A/L Trip - Part 6 (Day4 - 2) - හොටන් තැන්නේ දවස  

Posted

පස්වෙනි දවසෙ ඉතුරු කොටස, ඔන්න අපි ඔහොම බොරු කිය කිය අපේ කමල් මල්ලිව බයිට් කර කර ගියා හොටන් තැන්නට ලොකාන්තය බලන්න බැරි දවසක අපි ගියේ මීදුම නිසා වෙඩි දුරක් පෙන්නෙ නැහැ. බේකර්ස් ලොකාන්තෙ අමතක කරපු අපි ගියා බේකර්ස් ඇල්ල පැත්තට යද්දි කාටවත් නැමේ අවශ්‍ය තාවයක් නොතිබුනු නිසා ඒ ගැන හිතුවේ නැත.

ටික වේලාවක් එතනට වෙල ඉන්නකොට අපේ එකෙක්ට ගිනියම හැදිල නාන්න වතුරට බැස්ස. ඒ සීතලේ ඇල්ලෙන් නාන්නනම් මූට මීහරකට වඩා ගිනියම තියෙන්නට උවමනාය.

 shrubs with pink flowers
ලොකාන්තෙත් බලන්න බැරි උන එකෙ මෙච්චර දුර ඇවිල්ල අත වන වන යන්න හොද නැහැ කියල කස්ටිය අයිස් කැටේ බදා ගත්ත, මම එදා සිට අනුන්ව ෆොම් කරල මාරුවෙන නිසා එදාත් නොනා බේරුණා. ඇදන් යන්න ඇදුම් නැති නිසා බලෙන් වතුරට ඇදල දැම්මෙ නැතත් ස්වේච්චාවෙන් නැවේ නැති අයට බලෙන් හො ඇදුම් ගලවා නැමට සිදු විය.

Baker's Falls.JPG

ඔක්කොම නාන එකේ මටත් නාන්න උවමනාව තිබුනත් පස්සෙ අමාරුවෙන් අස්සව යට ගැහුව.

ඔය අතරෙ අපෙ සෙට් එකෙ ගැණු උදවියට ලොකාන්තය බලන්න අවශ්‍ය විය. හවස 4ත් පහුවෙල තිබුණ නිසා ලොකාන්තය තියා යන පාරවත් clear නැත. (ගැණු උදවිය යනු ගැණු උදවිය මෙන් සිතන කොලු ගැටව් කිහිප දෙනා)

රැ අටට ඔහියෙන් පිටත් වෙන කොච්චිය අල්ලන්න හිතාගෙන අපි ඩබල් එකෙ පල්ලම් බැස්සත් අපිට කලින් ගැහැනු ලමුන් 4 දෙනෙක් පල්ලම් බැස්සා, උන්ට ට්‍රිප් එක අමු වහක් වෙලා තිබුණෙ.

උන් වැඩ කරේ බජට් එකටයි ප්ලන් එකටයි විතරයි, අපෙ බජට් එකේ විදියට කාමර ඔහියෙ ඉදපු කාමර කුළිය දුන් පසු ඉතිරි වෙන්නෙ සොච්චම් මුදලකි.

අපි හෙමින් සින්දු කිය කිය බහිනකොට ඇත කොච්චිය හූ තියාගෙන යන්න ගියා කලින් ගිය අයට අපිත් එක්ක යකා නැගල. කොහොම හරි අදත් අපි මෙහෙ ඉදල උදේම යමු කියල ප්ලැන් එක වෙනස් කරා.

එදා රැනම් අල හාරගෙන කන්න පුලුවන් උණා අපි වවපු පාත්ති තිබුන නිසා කලින් දවසෙ ඉතුරු කරපු දර ටික නිසා එදා රැ සීතලෙන් බේරුණා.

ලබන කොටස මීලග ලිපියෙන්.

This entry was posted on Sunday, August 21, 2011 at Sunday, August 21, 2011 . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment