ඔන්න අලුත් දවසක් උදා වුණා නුවර එළියට එළිවෙද්දි පට්ට සීතල වුණාට අපි මෙදා නම් කුකුළට කලින් නැගිට්ට. මොකද අපි ඔහියෙ ඉදල මීළග ගමනාන්තයට යන්න තිබුණ නිසා.
උදේම නැගිට්ටෙනම් තවත් එක සාටර් ප්ලැනක් ක්‍රියාත්මක කරන්න තිබුණ නිසා.
කස්ටිය ඉකමනට ලැස්ති වුණා කොච්චිය 8ට පිටත් වෙන්න තිබුනත් අපි 6.30 වෙද්දි රෙඩි වුණා, අපි එක්ක හිටිය ගැහැණු ළමයින්ට මේක මාර ප්‍රහේළිකාවක් වුණා. (ගැහැණු ලමයි ට්‍රිප් එකට ගියෙ නැහැ කියල දන්නවනෙ මේ ගැණු ළමයි කවුද කියල කලින් පොස්ට් වල කියල ඇති)
කලින් දවසෙ කන්න ගෙනාපු පිගන් අරගෙන අපේ දෙන්නෙක් කඩේ ට යන්න ලැස්ති වුණා. හැබැයි ඒදෙන්න ගමන යන්න ලැස්ති වෙලා හිටිය පාටක් පෙන්න තිබ්බෙ නැහැ. (ඒකත් ප්ලැනෙ කොටසක්) ඊට පස්සෙ අපි ඉතුරු දහදෙනා කොච්චි පාරදිගේ පට්ටි පොල පැත්තට හෙමින් ඉස්සරහට ගියා.
අපි අනිත් අයට කිව්වේ මේ හරියෙ දිය ඇල්ලක් තියෙනව කියල අන්කලයෙක් කිව්ව ඒකත් බලලම එමු කියල. අර ඉතුරු දෙන්න කඩේට ගියා අපි පුලුවන් ඉක්මනට ප්‍රදේශය මග ඇරල ඉස්සරහට ගියා. කලින් කිව්වනෙ කදුවලින් වට වෙලා තියෙන ගමක් ඔහිය ගමනා ගමන මාධ්‍ය තිබුනෙ දෙකයි එක්කො දවසට දෙතුන් පාරක් එන බස් එක නැත්තන් කොච්චිය.
ඔහියට ළගම ස්ටේශම තිබුනෙ පට්ටිපොල ඒක තිබුනෙ බදුල්ල පැත්තට නොවෙයි නනු ඔය පැත්තට, අපි යන්න ඔනෙ බදුල්ල ඉදල එන කොච්චියක.
පට්ටිපොල ස්ටේශන් එක තමයි ලන්කාවෙ ඉහලින්ම පිහිටල තියෙන ස්ටේශන් එක. හරි ලස්සන වට පිටාවක ඔය තැන් තියෙන්නෙ.
දැන් අපේ ප්ලැන තේරෙනව ඇතිනෙ. :) අපි ඔහොම ඉස්සරහට දුවල ගියා ගිහිල්ල මග නැවතුනා අර කඩේට ගිය දෙන්න එනකන්. අර ප්ලැන් එක ගැන නොදන්න අයට වැඩේ තේරිලා උන් අපේ මව් දෙමව්පියන්ට දෙස් තිය තිය දෙවියන්ට කන්න "ලව්" කර කර ඉන්නව.
දවස් දෙකකට හිටපු ගෙදරට දෙන්න අපේ ගාව සල්ලි තිබුණෙ නැහැ. අනික අපරාදෙනෙ අණ්ඩුවෙ දේපොළ වලට අපි ගෙවන්නෙ :p
අපිට ඔය කාලෙ මොබයිල් තිබුණෙ නැහැ ඉතින් අරුන් දෙන්නව අල්ලගෙනද පොලිසියට බාරදීලද කියල හිත හිත කැලැ වැදිල හිටිය.
ඒත් තෙක්කම මුන් දෙන්න ඇදන් හිටපු සරම් ඔලුවෙ දාගෙන ඩබල් එකේ දුවගෙන එනව දැක්ක. පිටි පස්සෙන් එන එකා මොකා උණත් උන්ගෙ හතර හන්දි කඩන්න කස්ටිය පොලු ටිකක් අතට ගත්ත. අපි කලින්ම මේ පොලු කැලි ගඩා ගත්තේ ආත්මාරක්ශාවට .
දෙය්යොන්ට පින් සිද්ද වෙන්න මොකෙක්වත් මුන්ගෙ පස්සෙන් එලවන් ආවෙ නැහැ. මුන් මේ අපිව බය කරන්න ගාල කඩන් දුවගෙන ඇවිත් තියෙන්නෙ.
ඔන්න අපේ වැඩේ පළවෙනි කොටස සාර්ථක උණා. දැන් තියෙන්නෙ පට්ටිපොල වෙනකන් ඉක්මනින් යන එක නැත්තන් කොච්චියේ යන්න වෙන්නෙ නැහැ.
ඒ ආපු ගමන නම් ආයෙත් දවසක යන්න වටිනව. අපි කොච්චියෙ ඔය පාරවල් වල ගියාට පයින් ඇවිල්ල තිබුනෙ නැහැනෙ. බිම් ගෙවල් මැදින් පයින් එද්දි නියම experience එකක් ඒක. ගෙයක් දොරක් පේන තැනක නැහැ.
ගමට ලන්වෙද්දි ආයෙ වගා කරපු ඉඩම් තිබුනා ඒ යන ගමන් දොඩම් ගහක් සුද්ද කරා එදා තමයි මම දැන ගත්තෙ ලන්කාවෙ තැඹිලි පාට දොඩම් හැදෙන බව. අර පිට කොවටුවෙන් ගන්න ඒව වල වගේ කෘතීම රහක් නැති උනාට වෙලාවෙ හැටියට ලොකු දෙයක් ඒක.
තව කැරට් වගේකුත් කකා කොල්ලො ටිම පට්ටිපොලට සේන්දු උණා. මට එදා සිට හරකාට මෙන් ඝණ දෙවියොන්ගෙ මොළේ පිහිටල තිබුන. අනිවාර්‍යයෙන්ම ඔහියෙන් පට්ටිපොල ස්ටේශන් එකට message එක දීල තියෙන්නෙ ඔනෙ නිසා ටිකට් ගන්න කොට 12කට ටිකට් නොගන්න තීරනය කරා.
ඉතින් ටිකට් 7ක් ගන්න හිතාගෙන ටිකට් කවුන්ටරේට යනකොට. ටිං ටිං ගාල ඔහියෙන් නිව්ස් එක එනව 11ක් එහෙන් පැනල එනව කියල. ඔහියෙ මුරකාරයත් කොච්චියේ එනව කියල කිව්ව, මම ශේප් එකේ ටිකට් 7ක් ඉල්ලද්දි අපේ හිටපු ගොන් නාම්බෙක් පැනපු ගමන් ටිකට් 12යිනෙ බන් ගැව. මේ උගුඩුව කරුමෙට මෙතනට ආවෙ කොහොමද කියල බැලුවම තේරුණේ මුන් හිතල තියෙන්නෙ අපි අදත් හොරෙන් ගිහිල්ල ලෙඩක් වැටෙවි කියල ටිකට් දෙන එකාට ඇහෙන ටිකට් ගාන කියන්න ආව කියල.
මැට්ටො එක්ක මොකුත් බැහැ කියනවනෙ. ඒත් එක්කම ස්ටේශන් එකේ වැඩට හිටපු බල්ලො බලල්ලු ඔක්කොම අපිව වට කරා. අපි සැලෙයි ඔවට හොදම වැඩේ කියන්නෙ මගෙ පස්සෙන් ඇවිල්ල ටිකට් ගාන කියපු කමල එළවලු කොරටු උඩින් පැන පැන දුවනව. ස්ටේශමේ හිටපු උන්ටත් මාර ජොක් එක ඒක. උන් එක්ක එකතුවෙල අපිත් හූ කිව්ව ඌට. කොහේ දිව්වත් දුවල බේරෙන්න පුලුවන් පළාතක් නෙවෙයි ඒක.
එදායින් පසු කමල් අපි සමග තිබූ මිත්‍රකම පලුදු කර ගත්තාය.
පස්සෙ මුන් අපෙන් ඇහුව කේස් එක, ඉතින් අපි දන්නෙ කොහොමද නේද. ? :p අපි කිව්වෙ අපි අද උදේ හොටන් තැන්නෙන් බැස්සෙ අපි ඔව දන්නෙ නැහැ ඔනෙනම් කොච්චිය එන්න කලින් එහෙ එකෙක් ගෙන්නවල අහන්න කියල.
එහෙන් එකෙක් එන බව දන්නෙ මම විතරනෙ මමනෙ ටිකට් ගන්න ගියේ, ඊට පස්සෙ අපි එක්ක කොකු දාන්න ආපු සෙට් එක ශේප් උණා. උන්ටත් ශුවර් නැහැනෙ වැඩේ. ඒතරෙ අර දුවපු එකා ආයෙ ආව.
පස්සෙ මම අපේ ගොබ්බ සේනලට කිව්ව එහෙ මුර අන්කලය කොච්චියෙ එනව ඊට කලින් මාරුවෙන්න ඔනෙ කියල.
කොච්චිය එන්න 10 mins වගෙ තිබ්බ නිසා අපි එතන කඩේකට රින්ගුව තේ බොන්න කියල. වැලිමඩ ඉදල අඹේවෙලට යන බස් එකක් ආව ඇතින් ඒකත් ඉතින් රාජ්‍ය දුම්රිය දෙපාර්තමේන්තුවෙ කරුමෙ තමයි.
ස්ටේශමේ උන් කඩේට ඇහැ ගහගෙන ඉන්නෙ අපි මාරුවෙනවද බලන්න. ඔය පැත්තෙ පාරවල් තියෙන්නෙ කදු අතරින්ම නිසා බස් එක හොල්ට් එකෙන් මිස් උනත් කන්දෙන් බැහැල බස් එක අල්ලන්න පුලුවන් විදියෙ ඔප්ශන් තිබුණ.
අපි බස් එක පහුවෙන්න ඇරියට පස්සෙ ස්ටේශමේ කස්ටියගෙ සැකේ ඇරුන. පි කඩේ පිටි පස්සෙ දොරෙන් මාරුවෙලා කොහොම හරි බස් එක අල්ල ගත්ත පොඩි මැරතන් පාරකුත් දුවල. බස් කාරය අහනව ඇයි මල්ලිල ඔයාල අපි ඔතනින් එද්දි නැග්ගෙ නැත්තෙ කියල. අපේ එකක් කිව්ව ඩොං ගාල, අපි හොර වැඩක් කරල හිටියෙ ඒ වෙලාවෙ නැග්ගනම් නැව් ගුටි කන්න වෙනව කියල. කොකටත් ඒක කිව්ව එකත් හොදට ගිය ඩ්‍රයිවර් අයිය නලව නලව ගෙනාපු බස් එක යන්තම් 25ට විතර වෙනකන් පැගුව.
කොච්චියත් මිස් වෙච්ච එකේ යන්න එන්න තැනකුත් නොදන්න නිසා අපි අඹේවෙලට මෙහායින් බැස්ස. කන්දක් නැගල යමු කියල හෙමින් මොකද ඊළග කොච්චිය තිබුනෙ අඹේවෙලෙන් 2ට විතර. අනික ගත්තු ටිකට් ටිකෙන් වැඩක් ගන්නත් ඔනනෙ.
පස්සෙ ඉතින් අඹේවෙල වැවක් වගේ එකක් ගාවට ගිහිල්ල දවල් වෙනකන් නින්දක් දැම්ම. ඒක වැවක්ද මොකද්ද කියල හරියට නොදන්නෙ අපි මනුශ්‍ය ආස්‍රයට ගියේ නැති නිසා. පොලිසියට එහෙම කියල තිබුනනම් සොරි.කොම් වෙනවනෙ.
මාලු අල්ලන අන්කල් කෙනෙක් ආව අපි ඉන්න පැත්තට මේ සීතල වතුරෙත් වෙල් මාලු ඉන්නව කියල දන්නෙ එදා තමයි. පස්සෙ අස්තානොචිත ප්‍රන්යාවෙන් මලු කූරියො තුන් හතර දෙනෙක් ඉල්ලගෙන පුච්චගෙන කැව.. හිහි ඔන්න මලු පුච්ච්ල කාපු first ටයිම් එක. වෙනදට පුච්චන්න ඔන වෙන්නෙ නැහැනෙ. කොරපොතු පිටින් මාලුව පිච්චුවම මැද මස් ගාණට තැම්බෙනව :D.
ඊට පස්සෙ කොච්චිය එන ටයිම් එක බලල කොකටත් ඇතින් ඉදල නානු ඔය වෙනකන් ආව.
නානු ඔයෙන් නුවර එළියට එද්දි හවස් වෙලා, ට්‍රිප් එකේ තවත් අමාරු දවසක් පහු කරපු නිසා වැඩිය ඇවිදින්න ගියෙ නැහැ.
සීතලේ පාරවල්වල චාටර් වෙන්න බරි නිසා අමාරුවෙන් හරි බස් එකක එල්ලිලා කදපොල සිලා ලාගෙම තවත් නැන්ද කෙනෙක්ගේ ගෙදරකට චුත වුණා. ඒ පැත්තෙ ඉතින් හැමතැනම එළවලු වවල තියෙන නිසා රැ කැම ගැන අමුතු ප්ලැන් ගසා ගෙට ඇතුල් උනා. අපේ කරුමෙට අපේ ප්ලැන් කරන්නට ඉඩ ලැබුනේ නැත. නැන්දා අපේ කුම්බාන්ඩ රැලට කැම දීමට ස්වේච්චාවෙන් ඉදිරි පත් විය. අපි කෙසේ කීවත් ඉල්ලන් කන එල සීලට වගේම නැන්දාටත් උරුම වී තිබුන නිසා කබර රැලකට කන්න දීමට සිදු විය.
කරුමෙ කියන්නෙ අපේ බාප්පල මිනිස්සුන්ගෙ ඉස්සරහ මාර වැද ගත්ය එම නිසාම උන් බඩ ගින්නේ නිදා ගන්න වාර අනන්තය. දේපාරක් බෙදා නොගන්න තරම් ලැජ්ජා සහගතය.
මම නම් ඉතින් වැඩිය කන එකෙක් නොවෙන නිසා තනි පිගානෙන් ශේප් වෙන එක ගේමක් නැත. මුන් එක එක ප්ලැන් ගසන්නේ බඩ ගින්නේ සිටීමට වෙන බව කල්තියා දන්න නිසාය. කලුවර වැටුන පසු ගිය නිසා පරිසරෙන් හොරා කා හැකි දේවල් සොයා ගන්නටද නොහකිවිය.
සීලාගේ මාමා හා නැන්දා ඉස්කොලෙක උගන්නපු නිසාම හිටියේ ගුරු නිවාසයේය අපි ස්වේච්චාවෙන් ඉස්කොලෙ පන්තියක නිදන්න තීරනය කලේ අපේ අයියලාගේ දහදුරා වැඩ නිසා කුස්සියට රින්ගීමට උනත් බැරි නැති නිසාමය, සීලාගේ හා නැන්දලාගේ නැකම එයින් නැති වෙනු ඇත.
රැ නිදා ගැනීම සිදු වුණේ බොහො පසුවෙලාය එතකන් නොයෙක් අකාරයේ බයිලා ගසමින්, මතට තිත තබමින් සිටියෙය.
අපේ ට්‍රිප් එකෙ කට්ටි දෙකක් ගියාය එක කට්ටියක් දහදුරා වැඩවල පරතෙරටම ගිය අය වුන අතර. අනික් අය ඒ වඩවලට බයවෙලා හිටි පිරිසකි, උන් හොරකම් කරන දේවල් බුක්ති වින්දට හොරකම් කරානවාට පලුයන තුරු බ්ණිනවාය. කැමක් හොරකම් කරාට අපේ කස්ටිය වෙන හොර වැඩ කරේ නැත, බස්වල හොරෙන් යන දේවල්. එලිපිට හොරෙන් කැම. එළිපිට බොරු බයිලා කියා බස් එකේ යැම ලොකු දෙයක් නොවුන නිසා බස් කුලියෙන් ලොකු ප්‍රමානයක් ඉතිරිවිය.
ඉතිරි කරගත් මුදල් යෙදවුනේ ආණ්ඩුවේ සන්වර්ධනයටය, පිළිකා ඇති කරගන්නා බීම වෙනුවෙන් මුදල් යෙදවීම රටේ සන්වර්ධනය ලොකු පිටුවලක් බව නොදන්නො දන්නේ නැත.
ඔන්න පහුවෙනිදාට එළිඋනාට පස්සෙ අපි නුවර එළියෙ සිරි විදින්න තීරණය කරා. ටවුමට ගිහිල්ල තව කොහෙදො ගිහිල්ල එන්න තමයි තීරණය කරේ.
This entry was posted
on Monday, August 22, 2011
at Monday, August 22, 2011
and is filed under
ට්‍රිප් එක
. You can follow any responses to this entry through the
comments feed
.
Archives
Followers
Categories
Popular Posts
- After A/L Trip - Last Part (Day7)
- After A/L Trip - Part 8 (Day6) - කදු දිගේ නුවර එළියට
- After A/L Trip - Part 6 (Day4 - 2) - හොටන් තැන්නේ දවස
- After A/L Trip - Part 3 (Day3 - 1) - සිරීපාදෙ සිට ගෙදරට
- After A/L Trip - Part 5 (Day4- 1) - කැළේ මැදින් හොටන් තැන්නට
- After A/L Trip - Part 4 (Day3 - 2) - ලක්ශපානේ සිට ඔහියට
- After A/L Trip - Part 1 (Day1) - ට්‍රිප් එක ලක්ෂපානට
- After A/L Trip - Part 7 (Day5) - හොරෙන් මාරු වීම
- 1st Step...
- After A/L Trip - Part 2 (Day 2) - සිරී පාදෙට පළමු වරට