After A/L Trip - Part 8 (Day6) - කදු දිගේ නුවර එළියට  

Posted in

නුවර එළිය ඇවිල්ල එහේ ඇවිදින්නෙ නැතුව යන්නෙ කොහොමද. ? අනික සල්ලි ඉතුරු කරන් ගිහිල්ල දෙමව්පියන්ගෙන් බැණුම් අහන්න පුලුවන්ද. ?

ඔන්න අපේ අයියල
අලුත් දවසෙ ගමන පටාන් ගත්ත නුවර එළියෙ යන්නෙ විවේකය ගන්න උනාට අපි එහෙම නරක වැඩ Tea Stateකරන්නෙ නැහැනෙ, පාරට බැහැපු ගමන් බල්ලෙක්වත් නැති බස් එකක් ආපු නිසා අර ළාමක යලුවොන්ට මාර හැපි කනක් ඇහිල නුවර එළියට යන්න පුලුවන් වේවි කියල හිතන්න ඇති.
අපි එහෙම කවෘත් නැති බස් එහෙක නැගල ඩ්‍රයිවර් අයියටයි ටිකට් මල්ලිටයි වාතෙ වෙන්න කැමති නැති නිසා පයින්ම පොඩ්ඩක් යමු කියල හිතුව. අරුන්ට අපිව කන්න තරහයි. ඒත් වට් ටු ඩූ ට්‍රිප් එකේ සල්ලි කලින්ම කලෙක්ට් කර ගත්ත නිසා අපිව දාල බස් එකේ ගිහින් දවසෙම බඩ ගින්නෙ ඉන්න වෙන නිසා උන්ටිකත් අපේ පස්සෙන්ම වැටුන.

අපි බස් එකට නැග්ගෙ නැත්තෙ බස් කාරය පව් නිසා, මොකද ඔකට නැග්ගට ගිය 12න් පස් දෙනෙකුටවත් ටිකට් ගන්නෙ නැති නිසා උදේම බස් අයියලගෙ දවස මස්ත බාල්දු කරන එක හරි නැහැනෙ.

අපි ඔහොම්ම යද්දි තේ ගස්වලින් වැහිච්ච කදු පොඩ්ඩක් දැක්ක, ඒක මුදුනෙ දේවාලයක් වගේ තිබුණ නිසා කන්ද නගිමු කිව්ව. කන්දෙන් එහා පත්තෙන් පාරට ළගයි කියල බොරු කියල කන්ද නැග්ග. කස්ටිය හති දාගෙන නැග්ගට ඒක මුදුනෙ තිබුනෙ කලු ගලකින් කපපු පිළිමයක් විතරයි.

Tea plantations - Nuwara Eliya



ඉතින් එතනට පරිප්පුවක් කාගෙන පැමිණීමේ ප්‍රීතිය නිමිත්තෙන් අපි සින්දු කිය කිය නටන්න ගත්ත අහල පහල බල්ලෙක්වත් නැති නිසා බයවෙන්න දේකුත් තිබුණෙ නැහැ.

කන්දෙන් එහා පැත්තෙ තිබුනෙ මේ වගේම තේ වවපු තවත් කන්දක්. ඇතින් පොඩි ගමක් වගේ පේන්න තිබුන. තේ වත්තෙ වැඩ කරන අයගෙ ගෙවල් කියල පස්සෙ දැන ගත්තෙ කඩු පොලු වලින් කන්න ඔන්න මෙන්න කිව්වට පස්සෙ.

අපි මේ කන්ද නැග්ගේ ඇත්තටම නුවර එළියට යාමට නොවේ. ට්‍රිප් එකක් ආපු එකේ hiking fun එකක් ගැනීමටය.

ඔන්න සින්දු ටික නැගල යනව. අර බබාලට පට්ට තරහයි නුවර එළියෙ යන්න ඇවිල්ල කන්දක් මුදුනට වෙලා කාලය ආහාරයට ගන්න එක ගැන.

ටික වේලාවකින් ඇතින් මිනිස්සු ටිකක් තොරණක් බලන අකාරයෙන් අපේ තොවිලය බලන බව පෙනුන.

එතන කොහොමත් 20 30 හිටපු නිසා අපි හිතුවෙ වෙන මොකක් හරි සිද්දියක් වෙන්න ඇති කියල ඔප දූප බලන්නත් හිතාගෙන ඒ පැත්තට පල්ලම් බැස්ස. (ඇත් හේතුව - තණමල්විලෙන් අරන් එන දේවල් ඒ පැත්තෙ තියෙනවද කියල චෙක් කරන්න)

මෙන්න මේ බහිරව රැලේ හිටපු ගොන් නාම්බෙක් අපිට අනින්න වගේ ඉස්සරහට ඇවිල්ල දෙස් තිබ්බ. අපි ඉතින් සමාව භාජනේක දාල, දෙකට තුනට නැවිල නිකන් දෙන සොරි එක දීල දැම්ම, බලද්දි අපි නටල තියෙන්නෙ ඒ මිනිස්සු ශුද්ධත්වයෙන් සලකන තැනකලු. අපිට ඉතින් වරදින එක අමුතුවෙන් අහන්න දෙයක්ය. කරොත් කරන්නෙ ගොන් කම මිශ්‍රවෙච්ච චාටර් වැඩක්මනෙ. ඉතින් කොහොම කොහොම හරි ගමේ උන්ගෙන් ගුටි නොකා බේරුනා.

ඊට පස්සෙ අපේ කස්ටියගෙ හැකියාවෙන් ප්‍රයොජනය අරගෙන පිනට තේත් බීල කැරට් පත්තියකින් කැරට් අලත් ගලවගෙන ඊලග කන්ද නගින්න පටන් ගත්ත.

ඒ කන්දෙන් එහ පැත්තෙ තව කන්දක්, අපේ තියරියෙ තිබුනෙ කදු උඩින් ගිහිල්ල නුවර එළියට යන්න බැරිනම් කදු උඩම ඉදල අයෙ කදපොල ගෙදරට එන්න. කොහෙද ගැනු ලමයින්ට නුවර එළියෙ පාක් එකට යන්නත් ඔනෙ කිව්වනෙ.

පස්සෙ කදු නැගිල්ල පැත්තක දාල ලගම පාරෙන් බස් පාරට ආව. ඇවිල්ල බලද්දි කැරකිල අපි ඇවිල්ල තියෙන්නෙ අයිත් හිට්පු තැන පේන හරියකට.

මෙතන ඉදන් කියන්න විශේෂ දෙවල් නැත. නුවර එළියට වැපත් වෙච්ච අපි පාක් එකට රින්ගල හවස් වෙනකන් නිදා ගත්ත, කට්ටිය ටවුම වටේ ගියා මම හොද හීතලට ගහක් අයිනට වෙලා නින්දක් දැම්ම.


අමතක විය, අපි කන්දෙන් කන්ද පැනල නුවර එළිය එන්න ආවනම් අපි තාම එනවාය. මොකද නුවර එළියට එන්නනම් අපිට පිදුරු තලාගල කන්දත් පහු කරන්න තිබුන කියල පස්සෙ දැනගත් නිසාය. දැන ගත්තේ පහුවෙලා වීම සතුටට කරුනක් විය. දැන ගත්තානම් අපේ බාප්පල පිදුරු තලාගල කන්දේත් කොඩිය ගසනවා ශුවර්ය.

ඔන්න ඔහොම 6 වෙනි දවස අහවරවිය.

අන්තිම දවසෙන් හමුවෙමු

This entry was posted on Tuesday, August 23, 2011 at Tuesday, August 23, 2011 and is filed under . You can follow any responses to this entry through the comments feed .

2 comments

හෆ්ෆා දැන් තමා ෆුල් ස්ටොරි එක කියෙව්වේ බලන් යද්දි මාර හොරු ටිකක් නේ

September 10, 2011 at 1:26 AM

කවුද දැන් හොරු.

September 20, 2011 at 3:24 AM

Post a Comment