After A/L Trip - Last Part (Day7)  

Posted in


ඔන්න ඉතින් මේ කෙටි කථාවේ අන්තිම කොටස , මේක කොහොම හරි මෙතනින් ඉවර කරල මේකෙන් ගැලවෙන්න මම හිතුව.

අප්‍ර ට්‍රිප් එකේ දවස් ගෙවිල අවසාන දවස උදා වුණා, නානු ඔයෙන් කොළඹටත් එතනින් ගෙවල් වලටත් වෙන් වෙන එක තමයි අවසාඅන සැළසුම. එදා වෙනකොට එකතු වුණ සල්ලි වලින් කොච්චියට ටිකට් වල සල්ලි විතරක් ඉතුරු වෙලා තිබුණත් වෙන දෙයක් කරන්න සල්ලි ඉතුරු වෙලා තිබුණෙ නැහැ.


අපි ගියා නානු ඔයට ඒ අතරෙදි අපෙ දෙන්නෙක් නුවර එළියෙන් බැස්සෙ කොච්චියට කලින් එනව කියල. උන් දෙන්න චුත වුණේ මොකක් හරි උගුලකට වුණත් අපි නානු ඔයට පිටත් වුණා.

පස්සෙ දැන ගන්න ලැබුණෙ අද යන්න ගහපු ප්ලැන් එක වෙනස් කරන්න උවමනාවෙන් ඒ දෙන්නා නැවතු නා කියන එක.

අපේ අයගෙන් පස් දෙනෙක් නවතින්න බැහැ කියල කොච්චියට නැග්ග. අපි පස් දෙනෙක් ඊළග කොච්චියෙ යමු කියල නැවතුනා. මොකද අනිත් දෙන්න ඒ වෙනකොටත් ආවෙ නැති නිසා.

ගැණු ළමයින් පස් දෙනාට අපිත් එක්ක තව දුරටත් මෙ ට්‍රිප් එකේ රැදෙන්න් ඔන වුණේ නැහැ. කළින් දවසෙ රැ අපේ ගොලයො මෙයාලගෙ බැග්වල තිබුණ කිතුල් හකුරු තව ගෙවල් වලට ගෙනියන්න ගත්තු කැම අරන් තිබුණ. ඒකට හේතුව වුණේ අපිට හොරෙන් මෙයාල කළින් දවසෙ දවල් නුවර එළියෙදි කැම කැව කියල දැන ගත්තු එක.

අපි පාන් කාල නිදාගෙන හිටපු වෙලාවෙදි මේ උත්තමයො බත් කාපු එක අපේ එකෙක්ගෙ අතටම අහුවෙලා තිබුණ. අතට අල්ල ගත්තු එකා මුන්ගෙ ගානෙ හොදට කාල අපිටත් කැම ටිකක් අරන් ආව.

අපි මොන දේ ගත්තත් අපට මොනදේ හම්බුනත් හැමොටම දීල කැවත් මුන් ටික කරපු වැඩේ නිසා මුන්ව එලවල දාන්න අපිට හිතිල තිබුනෙ.

අපි උන්ගෙ හකුරු ගත්තු බව මුන් දැනන් හිටියෙ නැහැ. කොච්චිය අද්දදි අපි මුන්ගෙ හකුරු මුන්ට පෙන්න පෙන්න කැව. කොහොමත් එදා රුපියල් 1000ක විතර හකුරු කිරි ටොපි, ටොපි ජාති අපි කැව උන්ට පින් සිද්ද වෙන්න.

ඔන්න ඉතින් කොච්චිය ගිය ගමන් අර බූතයො දෙන්න මතු වුණා, උන් ඉදල තියෙන්නෙ කොච්චිය යනකන්. දැන් ඉතින් හමුකු කකා හවස් වෙනකන් ඉදල නයිට් මේල් එකේ යන්න තමයි ප්ලැන් කරේ. මොකො කන්න කියල සල්ලි ඉතුරු වෙලා තිබුනෙ නැහැ. එතන හිටපු ඔක්කොම අන්තිම සතෙට ඉවර කරපු අය. සල්ලි ඉතුරු ජකර ගත්තු අය තමයි කලින් ගියේ.

අර දෙන්න නුවර එළියෙන් නැවතිලා වංගුවක් ගහල සිගරට් පැකට් එකක් අරන් ඇවිල්ල තිබුනට එකෙන් මට වැඩක් තිබුණෙ නැහැ.



රුපියල් 50ක් විතර 7 දෙනෙක්ට තිබුනට ආප්පයක්වත් කන්න විදියක් තිබුනෙ නැහැනෙ.

ඔහොම වටේ කැරකි කැරකි ඉන්නකොට රාමෙ ගාව ඔරලොසුවක් තියෙන බව කිව්ව, වොච් එක දීල පාන් කමු කියල.

ඒ වොච් එක කැසියො ස්පොර්ට්ස් watch එකක් මෙන්න මෙ පික් එකෙ තියෙන්නෙ ඔය ඔරලොසුව තමයි. ඒ කාලෙ ඔක මැxa වොච් එකක්. 1000/- + ගාණක්. ඒත් ඉතින් මේකෙන් කිසි වැඩක් නැහැ. මොකද ඔක වැඩ කරන තත්වෙක තිබුනෙ නැහැ. ඔක ඉතින් රාමෙ අත පාළුවට එල්ලන් හිටියෙ, පස්සෙ අව්වෙ තියල කොහොම හරි වෙලාව අටවල ගත්ත. ඔක අව්වෙ තිබ්බම ටික වෙලාවක් වැඩ කරා. ඊට පස්සෙ ඉතින් අන්දන්න පුලුවන් අන්කලයෙක් ඇන්ටි කෙනෙක් ඉන්න කඩයක් හොයන්න ගියා, ඔහොම ගිහින් අන්කල් කෙනෙක්ගෙ කඩයක් සෙට් කර ගත්ත.

අපි ගල් අදො සෙට් එකක් කියල අපිම දන්නවනෙ. 1.00ටත් කොච්චියක් තිබුන කොලඹ යන අපි ඒකත් යන්න ඇරළ තමයි කඩේට රින්ගුවෙ.

අන්කල්ට දුක කිව්වෙ ට්‍රේන් එක මිස් උණා දැන් රැවෙනකන් ඉන්නවෙනව කන්න සල්ලි නැති නිසා වොච් එක තියගෙන කන්න දෙන්න කියල. අන්කලයත් අපෙ කඹේ ගිලල වොච් එක ගත්ත. කරුමෙට එතන ගොබ්බයෙක් ඉදල අන්කලයට වොච් එක හොද එකක් කියල දෙමළින් recomand පාරක් දැම්ම. මට ඉතින් ඔය දෙමළ ලාවට තේරෙනවනෙ, අපි යද්දි එක මනුස්සයෙක් බත් කකා හිටිය, ඒ මිනිහට බත් කැම එපා වුනා අපේ එවුන් නිසා මිනිහගෙ පපඩම් ටික කැව, "අයියෙ පපඩම් කන්නෙ නැද්ද අනේ පැත්තක තියගෙන ඉන්නෙ අපරදෙනෙ කියල" :) මට ඔය කේස් එකට අදටත් හිනා.

පස්සෙ මිනිහ කටට දෙකට බත් එක කාල ගියා අත හොදන්න යන ටිකට අපේ එවුන් ඉතුරු කරල තිබුණ සම්බොලයි තව මොනව හරි කැව. මිනිහ එද්දි ඉතුරු කරපු බත් ටික ඉතුරු වෙල තිබුණෙ, මිනිහගෙ ඇස් උඩ ගියා. එහෙම්මම ගියා යන්න, පස්සෙ අපෙ බාප්පල ඒ බත් ටිකත් කාල. තව ගෙන්නවගෙන බෙදා ගෙන කැව.

අපේ ඔරලොසු පැකේජ් එකට හම්බුනේ පාන් සමග මස් හොදි. අපි කොහොම හරි බාන් ගෙඩි 12ක් කාල තිබුන, කාලම නෙවෙයි හවස් වෙනකන් කන්නත් පාන්ගෙඩි 5 6ක් බැග්වල දාගෙන තිබුන.

ඊට අමතරව ප්ලේන්ටි එක ගානෙ 7ක් හම්බුනා. අපි ඒව කාල ඔරලොසුව බේරගන්න ලබන සතියෙ එනව කියල පිණ් දීල එතනින් මාරු උනා. දැන් ඉතින් කොච්චියට කියල ස්ටේශන් එකේ ඉන්න බැහැ. නයිට් මේල් එක එන්නෙ 7.00 පැනල නිසා ඔරලොසුව නැවතුන ගමන් අපිව හොයන මිනිස්සුන්ට අපි කොහේ හිටියත් අහුවෙනව.

ඔහේ හරි කැළේක රින්ගල ඉන්න හිතාගෙන ඉස්සරහට යනකොට නානු ඔය පාලම යට තැනක් සෙට් උනා.




එතනට බල්ලෙක් වත් එන්නෙ නැහැ කියල දැන ගත්තේ මුලු නානු ඔයම කුනු ඊට පහලින් දාල තියෙනව දැක්කම. අපි හිටපු තැනට මැස්සෙක්ගෙන් වත් වදයක් නැති එකේ අපි එතන ගල් තලාවට වෙලා බොරු කියන්නයි සින්දු කියන්නයි පටන් ගත්ත.

හවස තේ වෙලාවෙ කඩෙදි අතුරු දහන් කරපු කෙහෙල් ඇවරියක් කේක් පෙට්ටි 2ක් බීම බොතල් 4ක් තව එක එක පොඩි පොඩි දේවල් එළියට ආව.

ඔය එකක්වත් මම අරන් අපු දේවල් නොවේ. හොද වේලාවට ඔය කාලයේ ෆුඩ් සිටි ටයිප් එකේ Shopping joints ඔය පැත්තේ තිබුණේ නැහැ එහෙම තිබුණනම් කඩයක් දාන්න උස්සනව අපෙ එවුන්. පොඩි බීම බොතල් උස්සන්නෙ ඒ කාලේ ගමේ කඩවල්වල මෙගා බොතල් නැති නිසාය.

ඒ අස්සෙ පාන් සමග හකුරු තිබුණ නිසා කැමෙන් බීමෙන් අඩුවක් තිබුණෙ නැහැ. හකුරු මුලක් කඩේකට දීල ප්ලේන්ටි බොතලයක් එකෙක් අරන් අවෙ තේ නැතුව වැඩක් නැහැ වගෙ හිතුන නිසා.

ඒ පැත්තෙ අයට අපිව අමුතු සත්තු ටිකක්වගේ අනිවා පෙනෙන්නට ඇති. හේතුව සුද්දොන්ට වඩා හොදට වැඩි ගනන්වල ඇදුම් ඇදල ඩෙක් shoes දාලා shads දාල අතේ සතේ නැතුව හිගා කනව.

කොහොම හරි extra දවස අපි ගෙවා ගත්ත, මගේ ෆුට් බොලෙකුත් ඔය පාලම යට අමතක කරල දාල ආවෙ හොරක් කරපු බඩු වලට ණය ගෙවන්න වගේ.

නයිට් මේල් එක ට නැගපු අපිට ඉතින් අස්සාවට අල්ලන් යන්නවත් සීට් එකක් ලැබුණේ නැත. වෙන කොල්ලො කෙල්ලොන්ට හෙත්තුව දාන්න හොයන එක සාමාන්‍ය දෙයක්නෙ ට්‍රිප් එකක් යද්දි. ඒ වුණාට අපෙන් එහෙම කිසිම අතුරු ආන්තරාවක් කාන්තා පාර්ශවේකට එල්ල වුනේ නැහැ. අපි ඉතින් ඔය ෆන් එකට බලු වැඩ කරාට දෙකයි පනහෙ වැඩ කරන්න කැමති නැහැ. ඔහොම ට්‍රේන් එකෙ එන අතර තුර නොයෙක් නොයෙක් කැම ජාති අපිට හම්බුනා මොකද අපි එක්ක ඉද්දි මළමිනීත් ෆිට් වෙන ගතියක් කරුමෙට පිහිටල තිබුණ.

කාගෙවත් දේවල් හොරෙන් ගන්නෙ නැහැ හොරකමක් විදියට. ගත්තොත් ඉතින් කැමක් බීමක් තමයි. අන්තිමට එකෙන් ගහ ගන්නව.

ඔන්න අපේ තවත් එක ජරා ට්‍රිප් එකක් ඉවර උනා. කාටවත් කරදරයක් නැතුව. අර කලින් අපු අයට විතරක් අපි නිසා ට්‍රිප් එක එපා වුණා.

අපි නම් ට්‍රිප් එක ට්‍රිප් එකක් වගේ වින්ද... :p සමහර අය අපි නිසා විදෙව්ව. අපෙ ඔය කට්ටිය ආයෙ කවදාවත් එකට කොහේවත් යන්න සෙට් උනේ නැහැ. එකම එක පාරක් හම්බවුනා ඒත් අපේ ගෙදර යන්න ඇවිල්ල.

මේ මුලු ට්‍රිප් එකම කියවපු අයට කියන්නෙ මට මේකෙ හුගක් දේවල් මතක නැහැ එවගේම දවස්වල පොඩි අවුලක් වෙල තියෙනව ඒත් ඔය නුවර එලියෙ ගිය ගමන් තුන හතරක් එකට conflict වෙලා කියල හිතෙන නිසා.

මෙතන බොරු නම් නැහැ, තව මග ඇරිච්ච ජරා සීන් හුගක් තුබුනට ලියන්න මතක් වුන ඒව විතරයි ලිව්වෙ.

මේ ලිපියේ අඩු පාඩු හොයන එකේ කිසි තේරුමක් නැහැ. මොක්ද ලියපු මම මේක ලිව්වේ මටම අයෙ බලන්න. අනික මේ දේවල් වැරදි කියල උපදෙස් එහෙම දෙන එකෙත් තේරුමක් නැහැ. අපි බඩ ගාන්න ඔනෙ කාලෙ බඩ ගාල, දණ ගාන්න ඔනෙ කාලෙ දන ගාල දැන් ලාවට වැනි වැනි හරි කෙලින් ඇවිදිනව.
මේක ලිව්වෙ කිසි උවමනාවකින් නෙවෙයි. ඒවගේම ඉස්කොලෙ රචනාවක්වත් මෙච්චර උනන්දුවෙන් ලියල නැති නිසා උඩයට මුල මැද අග ගන හිතල නැතුව ලිව්වෙ, මේක හැමදාම අපේ මතක අපි අතර තියා ගන්න ලියපු එකක් මිසක් මේක බලල මේ දේවල් අනු ගමනය කරන්න කියල කියන ලියුමකුත් නොවෙයි.

මේ දේවල් කොහොමටවත් අත් හදා බලන්න එපා කියල මම ඉල්ලන්නෙ තව හේතුවක් නිසා.මේ දේවල් කිසිම විදියක කරන්න එපා මොකද මේ වගේ යාලුවො එකතු වෙන්නෙ කලාතුරකින්. මෙතන හිටපු හැම කෙනාම අනුන් වෙනුවෙන් තමන්ගෙ පණ දෙන්න පුලුවන් තත්ත්වෙ හිටිය ඒ දවස්වල. කාටවත් කරදරයක් හිරි හැරයක් වෙන්න දුන්නෙ නැතුව එකට හිටිය. ඒත් අද වෙනකොට ඔය 12 දෙනා තැන් දොළහක තමන්ගේ ලොකවල. හැබැයි ඒ හැම කෙනාම අපේ ඒ අතීතයේ ජීවත් වෙනව. අපි එදා එහෙම දේවල් නොකරානම් අද අපි ඉදල හිටලවත් හමු වුන වෙලාවට මතක් කරල හිනාවෙන්න දේවල් ඉතුරු වෙන්නෙ නැහැ.

මේක අපේ අතීතය අපිට මතක් වෙන්න ලියපු දෙයක් අනික මතක් වෙන්න ලියපු එක කථාවක්, මොකද මට ඇර අනිත් උන්ට හුගක් දේවල් අමතක වෙලා තියෙන නිසා.

අපි කරපු තව චාටර් කේස් 100 ගානකින් හමුවෙමු.

Addios
........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...