සැ.යු. මේ කොටස් ටික සිද්ද වුණේ අළුත් දවසකද නැත්තන් සිරීපාදෙන් බැස්ස දවසේමද කියා පැහැදිලි මතකයක් නොමැත. හොරෙන් බත් කාල සිල්වලගෙ නැන්දලගෙ ගෙදර ආවට අඑක එකා හිතුමහ්තේ ඉබාගාතෙ ගියා අපිත් ලාවට වොශ් පාරක් දාල හොටන් තැන්නට ගාටන්න ලැස්ති උණා.
පස්සෙ දැන ගත්ත විදියට සම "හරක්" කිතුල් රා හොයාගෙන ගිහින් තිබුන අතර තව සම "හරක්" අපට හොරෙන් කිතුල් හකුරු ගෙවල්වලට ගෙනියන්න අර ගන්න අතුරුදහන් වී තිබුණි. ඔය හොරෙන් ගත්ත හකුරු වලට කරපු වැඩේ ඉදිරි කොටස් වල දැන ගන්න ලැගෙනු ඇත. ඔන්න කස්ටිය දවල් හැටන් වලට යන්න පිටත් උනා. වෙලාවට බස් එකක් ආපු නිසා අලුතින් මොකුත් සිද්ද උනේ නැහැ. ඔක්කොම වැටුන වටුන තන්වල නිදාගෙන ගිය නිසා බස් එකේ ගිය කාටවත් අතුරු ආන්තරවක් උනෙත් නැහැ.
ඔන්න කොහොම හරි හැටන් වලට ඇවිල්ල ඔහියට යන්න කොච්චියක් සෙට් කර ගත්ත. ඔහියෙන් බහින කොට ලාවට කළුවර වැටිල තිබින නිසා එදා රැට ඉන්න තැනක් සෙට් කර ගන්න එක ඊට වඩා අමාරු කේස් එකක් උනා.
ඔහිය ඉස්ටෙසොන් එක ඉස්සරහ පොඩි කඩ කැල්ලක් තියෙනව එකෙන් කිව්ව Railway Quartes එකක් සෙට් කර ගන්න පුලුවන් කියල. පස්සෙ දන්න බයිල ගහල දවසට 600/- ගානෙ ගෙදරක් සෙට් කර ගත්ත අපි ප්ලැන් කරේ රැට Vegitable course එකක් කරමු කියල. බලන බලන තැන එළවලු පාත්ති තියන එකේ මොකටද නිකන් අතින් කන්නෙ කියල.
කාමර දෙකක පොඩි ගෙයක් ඒක කුස්සිය පිරෙන්න දර පටවල. සීතල වැඩි නිසා ගැහුව ගිනි මැලයක් ලිප තියෙන පොරනුවෙ. එළි වෙද්දි දර ටිකෙන් බාගයක් පුච්චල ඉවර කරා බොහොම අමාරුවෙන්. අපේ task එක තිබුනෙ දර ඔක්කොම පුච්චල කුස්සිය හිස් කරල දෙන්න ඒත් ඉතින් අපරදෙ බාගයක් විතර ඉතුරු උනා.
ඔය අතරෙ කස්ටිය එළවලු හොර කමේ ගියා. එලවලු දැකල තිබුනට ඉතින් පත්තිවලින් ගලවන්න experience නැති නිසා රාබු නොකොලුත් තම්බන්න උගුල්ලන් ඇවිල්ල තිබුන. සම හර උන් එව තම්බල කාල වවපු කස්ටියගෙ දෙමව්පියන්ට පින් අනුමොදන් කරා. මොකද රාබු නොකොල් පට්ට තිත්තයිනෙ මුන් කොලත් එක්ක දාල පට්ට රසයි.
හරියට බලද්දි තම්බල කන්න පුලුවන් තත්තවෙ තිබුනෙ කැරට් ලීක්ස් විතරයි. බීටෲට් තම්බල කන්නත් බැහැ. බොන්චි ඔය පලතෙ හැදෙන්නෙත් නැහැනෙ.
ඔන්න ඒ පාර එකෙක් කිව්ව අල පාත්තියක් එහා වත්තෙ තියෙනව මුර කරන එකෙකුත් ඉන්නව කියල. අල තියෙන බව කියල තියෙන්නෙත් ඒ මොඩ මුර අන්කලයම තමයි. ඔන්න අපේ බයිල මමල දෙන්නෙක් ගියා අන්කල්ව trap කරන්න. ඒ අතරෙ තව දෙන්නෙක් ගේමට enter උණා.
ටික වෙලාවකින් මෙන්න ටකරමකට ගල් ගහන සද්දෙයක් ආව නිසා අපි ගිය ඒක බලන්න. ඒත් එක්කම අර හොර කමේ ගිය උන් දෙන්න ලොකු පදුරු හතරක් පහක් එක්ක හති දාගෙන දුවන් ආව.
පස්සෙ බලද්දි මුන් වත්තට රින්ගද්දි එල්ලල තිබුන ටකයක් හොලවගෙන ගිහිල්ල ඒමගුල වටේට link කරල පලාතම සද්දෙයිලු.
මුන් ඉතින් සද්ද පැත්තක දාල අල හාරගෙන ඇවිල්ල. අන්කල්ව කතාවට අල්ලගන්න ගිය හරක් පැටව් දෙන්න අන්කල් එක්ක සෙට් වෙලා වල් ඌරෙක් හොයල. වල් ඌරො රින්ගන නිසාලු ටකෙ බදින්නෙ.
ඒ හරක් දෙන්නට ඌර ගැන කිව්වම අපේ ඌරො දෙන්නෙක් ඔකට රින්ගපු බව අමතක වෙලා. ඩිනර් එකට ඌරො හොයල.
ඔන්න අපි දැන් අල කන්න හිතාගෙන ගෙනාපු පදුරු ටික බැලුව. මුන් අල ගස් පිටින් උගුල්ලන් ඇවිල්ල තියෙන්නෙ හිටවල සුමාන දෙකක්වත් නැති පාත්තියකින්. අන්තිමට උන් දෙන්නට අල ගස්වල මුල් තම්බල දුන්න.
ඊළග කොටස 5 වෙනි දවසෙන් ........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...
Archives
-
▼
2011
(10)
- ► 09/04 - 09/11 (1)
- ► 08/21 - 08/28 (3)
- ► 08/14 - 08/21 (1)
- ► 05/15 - 05/22 (2)
- ► 04/10 - 04/17 (2)
Followers
Categories
Popular Posts
- After A/L Trip - Last Part (Day7)
- After A/L Trip - Part 8 (Day6) - කදු දිගේ නුවර එළියට
- After A/L Trip - Part 6 (Day4 - 2) - හොටන් තැන්නේ දවස
- After A/L Trip - Part 3 (Day3 - 1) - සිරීපාදෙ සිට ගෙදරට
- After A/L Trip - Part 5 (Day4- 1) - කැළේ මැදින් හොටන් තැන්නට
- After A/L Trip - Part 4 (Day3 - 2) - ලක්ශපානේ සිට ඔහියට
- After A/L Trip - Part 1 (Day1) - ට්‍රිප් එක ලක්ෂපානට
- After A/L Trip - Part 7 (Day5) - හොරෙන් මාරු වීම
- 1st Step...
- After A/L Trip - Part 2 (Day 2) - සිරී පාදෙට පළමු වරට