After A/L Trip - Last Part (Day7)  

Posted in


ඔන්න ඉතින් මේ කෙටි කථාවේ අන්තිම කොටස , මේක කොහොම හරි මෙතනින් ඉවර කරල මේකෙන් ගැලවෙන්න මම හිතුව.

අප්‍ර ට්‍රිප් එකේ දවස් ගෙවිල අවසාන දවස උදා වුණා, නානු ඔයෙන් කොළඹටත් එතනින් ගෙවල් වලටත් වෙන් වෙන එක තමයි අවසාඅන සැළසුම. එදා වෙනකොට එකතු වුණ සල්ලි වලින් කොච්චියට ටිකට් වල සල්ලි විතරක් ඉතුරු වෙලා තිබුණත් වෙන දෙයක් කරන්න සල්ලි ඉතුරු වෙලා තිබුණෙ නැහැ.


අපි ගියා නානු ඔයට ඒ අතරෙදි අපෙ දෙන්නෙක් නුවර එළියෙන් බැස්සෙ කොච්චියට කලින් එනව කියල. උන් දෙන්න චුත වුණේ මොකක් හරි උගුලකට වුණත් අපි නානු ඔයට පිටත් වුණා.

පස්සෙ දැන ගන්න ලැබුණෙ අද යන්න ගහපු ප්ලැන් එක වෙනස් කරන්න උවමනාවෙන් ඒ දෙන්නා නැවතු නා කියන එක.

අපේ අයගෙන් පස් දෙනෙක් නවතින්න බැහැ කියල කොච්චියට නැග්ග. අපි පස් දෙනෙක් ඊළග කොච්චියෙ යමු කියල නැවතුනා. මොකද අනිත් දෙන්න ඒ වෙනකොටත් ආවෙ නැති නිසා.

ගැණු ළමයින් පස් දෙනාට අපිත් එක්ක තව දුරටත් මෙ ට්‍රිප් එකේ රැදෙන්න් ඔන වුණේ නැහැ. කළින් දවසෙ රැ අපේ ගොලයො මෙයාලගෙ බැග්වල තිබුණ කිතුල් හකුරු තව ගෙවල් වලට ගෙනියන්න ගත්තු කැම අරන් තිබුණ. ඒකට හේතුව වුණේ අපිට හොරෙන් මෙයාල කළින් දවසෙ දවල් නුවර එළියෙදි කැම කැව කියල දැන ගත්තු එක.

අපි පාන් කාල නිදාගෙන හිටපු වෙලාවෙදි මේ උත්තමයො බත් කාපු එක අපේ එකෙක්ගෙ අතටම අහුවෙලා තිබුණ. අතට අල්ල ගත්තු එකා මුන්ගෙ ගානෙ හොදට කාල අපිටත් කැම ටිකක් අරන් ආව.

අපි මොන දේ ගත්තත් අපට මොනදේ හම්බුනත් හැමොටම දීල කැවත් මුන් ටික කරපු වැඩේ නිසා මුන්ව එලවල දාන්න අපිට හිතිල තිබුනෙ.

අපි උන්ගෙ හකුරු ගත්තු බව මුන් දැනන් හිටියෙ නැහැ. කොච්චිය අද්දදි අපි මුන්ගෙ හකුරු මුන්ට පෙන්න පෙන්න කැව. කොහොමත් එදා රුපියල් 1000ක විතර හකුරු කිරි ටොපි, ටොපි ජාති අපි කැව උන්ට පින් සිද්ද වෙන්න.

ඔන්න ඉතින් කොච්චිය ගිය ගමන් අර බූතයො දෙන්න මතු වුණා, උන් ඉදල තියෙන්නෙ කොච්චිය යනකන්. දැන් ඉතින් හමුකු කකා හවස් වෙනකන් ඉදල නයිට් මේල් එකේ යන්න තමයි ප්ලැන් කරේ. මොකො කන්න කියල සල්ලි ඉතුරු වෙලා තිබුනෙ නැහැ. එතන හිටපු ඔක්කොම අන්තිම සතෙට ඉවර කරපු අය. සල්ලි ඉතුරු ජකර ගත්තු අය තමයි කලින් ගියේ.

අර දෙන්න නුවර එළියෙන් නැවතිලා වංගුවක් ගහල සිගරට් පැකට් එකක් අරන් ඇවිල්ල තිබුනට එකෙන් මට වැඩක් තිබුණෙ නැහැ.



රුපියල් 50ක් විතර 7 දෙනෙක්ට තිබුනට ආප්පයක්වත් කන්න විදියක් තිබුනෙ නැහැනෙ.

ඔහොම වටේ කැරකි කැරකි ඉන්නකොට රාමෙ ගාව ඔරලොසුවක් තියෙන බව කිව්ව, වොච් එක දීල පාන් කමු කියල.

ඒ වොච් එක කැසියො ස්පොර්ට්ස් watch එකක් මෙන්න මෙ පික් එකෙ තියෙන්නෙ ඔය ඔරලොසුව තමයි. ඒ කාලෙ ඔක මැxa වොච් එකක්. 1000/- + ගාණක්. ඒත් ඉතින් මේකෙන් කිසි වැඩක් නැහැ. මොකද ඔක වැඩ කරන තත්වෙක තිබුනෙ නැහැ. ඔක ඉතින් රාමෙ අත පාළුවට එල්ලන් හිටියෙ, පස්සෙ අව්වෙ තියල කොහොම හරි වෙලාව අටවල ගත්ත. ඔක අව්වෙ තිබ්බම ටික වෙලාවක් වැඩ කරා. ඊට පස්සෙ ඉතින් අන්දන්න පුලුවන් අන්කලයෙක් ඇන්ටි කෙනෙක් ඉන්න කඩයක් හොයන්න ගියා, ඔහොම ගිහින් අන්කල් කෙනෙක්ගෙ කඩයක් සෙට් කර ගත්ත.

අපි ගල් අදො සෙට් එකක් කියල අපිම දන්නවනෙ. 1.00ටත් කොච්චියක් තිබුන කොලඹ යන අපි ඒකත් යන්න ඇරළ තමයි කඩේට රින්ගුවෙ.

අන්කල්ට දුක කිව්වෙ ට්‍රේන් එක මිස් උණා දැන් රැවෙනකන් ඉන්නවෙනව කන්න සල්ලි නැති නිසා වොච් එක තියගෙන කන්න දෙන්න කියල. අන්කලයත් අපෙ කඹේ ගිලල වොච් එක ගත්ත. කරුමෙට එතන ගොබ්බයෙක් ඉදල අන්කලයට වොච් එක හොද එකක් කියල දෙමළින් recomand පාරක් දැම්ම. මට ඉතින් ඔය දෙමළ ලාවට තේරෙනවනෙ, අපි යද්දි එක මනුස්සයෙක් බත් කකා හිටිය, ඒ මිනිහට බත් කැම එපා වුනා අපේ එවුන් නිසා මිනිහගෙ පපඩම් ටික කැව, "අයියෙ පපඩම් කන්නෙ නැද්ද අනේ පැත්තක තියගෙන ඉන්නෙ අපරදෙනෙ කියල" :) මට ඔය කේස් එකට අදටත් හිනා.

පස්සෙ මිනිහ කටට දෙකට බත් එක කාල ගියා අත හොදන්න යන ටිකට අපේ එවුන් ඉතුරු කරල තිබුණ සම්බොලයි තව මොනව හරි කැව. මිනිහ එද්දි ඉතුරු කරපු බත් ටික ඉතුරු වෙල තිබුණෙ, මිනිහගෙ ඇස් උඩ ගියා. එහෙම්මම ගියා යන්න, පස්සෙ අපෙ බාප්පල ඒ බත් ටිකත් කාල. තව ගෙන්නවගෙන බෙදා ගෙන කැව.

අපේ ඔරලොසු පැකේජ් එකට හම්බුනේ පාන් සමග මස් හොදි. අපි කොහොම හරි බාන් ගෙඩි 12ක් කාල තිබුන, කාලම නෙවෙයි හවස් වෙනකන් කන්නත් පාන්ගෙඩි 5 6ක් බැග්වල දාගෙන තිබුන.

ඊට අමතරව ප්ලේන්ටි එක ගානෙ 7ක් හම්බුනා. අපි ඒව කාල ඔරලොසුව බේරගන්න ලබන සතියෙ එනව කියල පිණ් දීල එතනින් මාරු උනා. දැන් ඉතින් කොච්චියට කියල ස්ටේශන් එකේ ඉන්න බැහැ. නයිට් මේල් එක එන්නෙ 7.00 පැනල නිසා ඔරලොසුව නැවතුන ගමන් අපිව හොයන මිනිස්සුන්ට අපි කොහේ හිටියත් අහුවෙනව.

ඔහේ හරි කැළේක රින්ගල ඉන්න හිතාගෙන ඉස්සරහට යනකොට නානු ඔය පාලම යට තැනක් සෙට් උනා.




එතනට බල්ලෙක් වත් එන්නෙ නැහැ කියල දැන ගත්තේ මුලු නානු ඔයම කුනු ඊට පහලින් දාල තියෙනව දැක්කම. අපි හිටපු තැනට මැස්සෙක්ගෙන් වත් වදයක් නැති එකේ අපි එතන ගල් තලාවට වෙලා බොරු කියන්නයි සින්දු කියන්නයි පටන් ගත්ත.

හවස තේ වෙලාවෙ කඩෙදි අතුරු දහන් කරපු කෙහෙල් ඇවරියක් කේක් පෙට්ටි 2ක් බීම බොතල් 4ක් තව එක එක පොඩි පොඩි දේවල් එළියට ආව.

ඔය එකක්වත් මම අරන් අපු දේවල් නොවේ. හොද වේලාවට ඔය කාලයේ ෆුඩ් සිටි ටයිප් එකේ Shopping joints ඔය පැත්තේ තිබුණේ නැහැ එහෙම තිබුණනම් කඩයක් දාන්න උස්සනව අපෙ එවුන්. පොඩි බීම බොතල් උස්සන්නෙ ඒ කාලේ ගමේ කඩවල්වල මෙගා බොතල් නැති නිසාය.

ඒ අස්සෙ පාන් සමග හකුරු තිබුණ නිසා කැමෙන් බීමෙන් අඩුවක් තිබුණෙ නැහැ. හකුරු මුලක් කඩේකට දීල ප්ලේන්ටි බොතලයක් එකෙක් අරන් අවෙ තේ නැතුව වැඩක් නැහැ වගෙ හිතුන නිසා.

ඒ පැත්තෙ අයට අපිව අමුතු සත්තු ටිකක්වගේ අනිවා පෙනෙන්නට ඇති. හේතුව සුද්දොන්ට වඩා හොදට වැඩි ගනන්වල ඇදුම් ඇදල ඩෙක් shoes දාලා shads දාල අතේ සතේ නැතුව හිගා කනව.

කොහොම හරි extra දවස අපි ගෙවා ගත්ත, මගේ ෆුට් බොලෙකුත් ඔය පාලම යට අමතක කරල දාල ආවෙ හොරක් කරපු බඩු වලට ණය ගෙවන්න වගේ.

නයිට් මේල් එක ට නැගපු අපිට ඉතින් අස්සාවට අල්ලන් යන්නවත් සීට් එකක් ලැබුණේ නැත. වෙන කොල්ලො කෙල්ලොන්ට හෙත්තුව දාන්න හොයන එක සාමාන්‍ය දෙයක්නෙ ට්‍රිප් එකක් යද්දි. ඒ වුණාට අපෙන් එහෙම කිසිම අතුරු ආන්තරාවක් කාන්තා පාර්ශවේකට එල්ල වුනේ නැහැ. අපි ඉතින් ඔය ෆන් එකට බලු වැඩ කරාට දෙකයි පනහෙ වැඩ කරන්න කැමති නැහැ. ඔහොම ට්‍රේන් එකෙ එන අතර තුර නොයෙක් නොයෙක් කැම ජාති අපිට හම්බුනා මොකද අපි එක්ක ඉද්දි මළමිනීත් ෆිට් වෙන ගතියක් කරුමෙට පිහිටල තිබුණ.

කාගෙවත් දේවල් හොරෙන් ගන්නෙ නැහැ හොරකමක් විදියට. ගත්තොත් ඉතින් කැමක් බීමක් තමයි. අන්තිමට එකෙන් ගහ ගන්නව.

ඔන්න අපේ තවත් එක ජරා ට්‍රිප් එකක් ඉවර උනා. කාටවත් කරදරයක් නැතුව. අර කලින් අපු අයට විතරක් අපි නිසා ට්‍රිප් එක එපා වුණා.

අපි නම් ට්‍රිප් එක ට්‍රිප් එකක් වගේ වින්ද... :p සමහර අය අපි නිසා විදෙව්ව. අපෙ ඔය කට්ටිය ආයෙ කවදාවත් එකට කොහේවත් යන්න සෙට් උනේ නැහැ. එකම එක පාරක් හම්බවුනා ඒත් අපේ ගෙදර යන්න ඇවිල්ල.

මේ මුලු ට්‍රිප් එකම කියවපු අයට කියන්නෙ මට මේකෙ හුගක් දේවල් මතක නැහැ එවගේම දවස්වල පොඩි අවුලක් වෙල තියෙනව ඒත් ඔය නුවර එලියෙ ගිය ගමන් තුන හතරක් එකට conflict වෙලා කියල හිතෙන නිසා.

මෙතන බොරු නම් නැහැ, තව මග ඇරිච්ච ජරා සීන් හුගක් තුබුනට ලියන්න මතක් වුන ඒව විතරයි ලිව්වෙ.

මේ ලිපියේ අඩු පාඩු හොයන එකේ කිසි තේරුමක් නැහැ. මොක්ද ලියපු මම මේක ලිව්වේ මටම අයෙ බලන්න. අනික මේ දේවල් වැරදි කියල උපදෙස් එහෙම දෙන එකෙත් තේරුමක් නැහැ. අපි බඩ ගාන්න ඔනෙ කාලෙ බඩ ගාල, දණ ගාන්න ඔනෙ කාලෙ දන ගාල දැන් ලාවට වැනි වැනි හරි කෙලින් ඇවිදිනව.
මේක ලිව්වෙ කිසි උවමනාවකින් නෙවෙයි. ඒවගේම ඉස්කොලෙ රචනාවක්වත් මෙච්චර උනන්දුවෙන් ලියල නැති නිසා උඩයට මුල මැද අග ගන හිතල නැතුව ලිව්වෙ, මේක හැමදාම අපේ මතක අපි අතර තියා ගන්න ලියපු එකක් මිසක් මේක බලල මේ දේවල් අනු ගමනය කරන්න කියල කියන ලියුමකුත් නොවෙයි.

මේ දේවල් කොහොමටවත් අත් හදා බලන්න එපා කියල මම ඉල්ලන්නෙ තව හේතුවක් නිසා.මේ දේවල් කිසිම විදියක කරන්න එපා මොකද මේ වගේ යාලුවො එකතු වෙන්නෙ කලාතුරකින්. මෙතන හිටපු හැම කෙනාම අනුන් වෙනුවෙන් තමන්ගෙ පණ දෙන්න පුලුවන් තත්ත්වෙ හිටිය ඒ දවස්වල. කාටවත් කරදරයක් හිරි හැරයක් වෙන්න දුන්නෙ නැතුව එකට හිටිය. ඒත් අද වෙනකොට ඔය 12 දෙනා තැන් දොළහක තමන්ගේ ලොකවල. හැබැයි ඒ හැම කෙනාම අපේ ඒ අතීතයේ ජීවත් වෙනව. අපි එදා එහෙම දේවල් නොකරානම් අද අපි ඉදල හිටලවත් හමු වුන වෙලාවට මතක් කරල හිනාවෙන්න දේවල් ඉතුරු වෙන්නෙ නැහැ.

මේක අපේ අතීතය අපිට මතක් වෙන්න ලියපු දෙයක් අනික මතක් වෙන්න ලියපු එක කථාවක්, මොකද මට ඇර අනිත් උන්ට හුගක් දේවල් අමතක වෙලා තියෙන නිසා.

අපි කරපු තව චාටර් කේස් 100 ගානකින් හමුවෙමු.

Addios
........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

After A/L Trip - Part 8 (Day6) - කදු දිගේ නුවර එළියට  

Posted in

නුවර එළිය ඇවිල්ල එහේ ඇවිදින්නෙ නැතුව යන්නෙ කොහොමද. ? අනික සල්ලි ඉතුරු කරන් ගිහිල්ල දෙමව්පියන්ගෙන් බැණුම් අහන්න පුලුවන්ද. ?

ඔන්න අපේ අයියල
අලුත් දවසෙ ගමන පටාන් ගත්ත නුවර එළියෙ යන්නෙ විවේකය ගන්න උනාට අපි එහෙම නරක වැඩ Tea Stateකරන්නෙ නැහැනෙ, පාරට බැහැපු ගමන් බල්ලෙක්වත් නැති බස් එකක් ආපු නිසා අර ළාමක යලුවොන්ට මාර හැපි කනක් ඇහිල නුවර එළියට යන්න පුලුවන් වේවි කියල හිතන්න ඇති.
අපි එහෙම කවෘත් නැති බස් එහෙක නැගල ඩ්‍රයිවර් අයියටයි ටිකට් මල්ලිටයි වාතෙ වෙන්න කැමති නැති නිසා පයින්ම පොඩ්ඩක් යමු කියල හිතුව. අරුන්ට අපිව කන්න තරහයි. ඒත් වට් ටු ඩූ ට්‍රිප් එකේ සල්ලි කලින්ම කලෙක්ට් කර ගත්ත නිසා අපිව දාල බස් එකේ ගිහින් දවසෙම බඩ ගින්නෙ ඉන්න වෙන නිසා උන්ටිකත් අපේ පස්සෙන්ම වැටුන.

අපි බස් එකට නැග්ගෙ නැත්තෙ බස් කාරය පව් නිසා, මොකද ඔකට නැග්ගට ගිය 12න් පස් දෙනෙකුටවත් ටිකට් ගන්නෙ නැති නිසා උදේම බස් අයියලගෙ දවස මස්ත බාල්දු කරන එක හරි නැහැනෙ.

අපි ඔහොම්ම යද්දි තේ ගස්වලින් වැහිච්ච කදු පොඩ්ඩක් දැක්ක, ඒක මුදුනෙ දේවාලයක් වගේ තිබුණ නිසා කන්ද නගිමු කිව්ව. කන්දෙන් එහා පත්තෙන් පාරට ළගයි කියල බොරු කියල කන්ද නැග්ග. කස්ටිය හති දාගෙන නැග්ගට ඒක මුදුනෙ තිබුනෙ කලු ගලකින් කපපු පිළිමයක් විතරයි.

Tea plantations - Nuwara Eliya



ඉතින් එතනට පරිප්පුවක් කාගෙන පැමිණීමේ ප්‍රීතිය නිමිත්තෙන් අපි සින්දු කිය කිය නටන්න ගත්ත අහල පහල බල්ලෙක්වත් නැති නිසා බයවෙන්න දේකුත් තිබුණෙ නැහැ.

කන්දෙන් එහා පැත්තෙ තිබුනෙ මේ වගේම තේ වවපු තවත් කන්දක්. ඇතින් පොඩි ගමක් වගේ පේන්න තිබුන. තේ වත්තෙ වැඩ කරන අයගෙ ගෙවල් කියල පස්සෙ දැන ගත්තෙ කඩු පොලු වලින් කන්න ඔන්න මෙන්න කිව්වට පස්සෙ.

අපි මේ කන්ද නැග්ගේ ඇත්තටම නුවර එළියට යාමට නොවේ. ට්‍රිප් එකක් ආපු එකේ hiking fun එකක් ගැනීමටය.

ඔන්න සින්දු ටික නැගල යනව. අර බබාලට පට්ට තරහයි නුවර එළියෙ යන්න ඇවිල්ල කන්දක් මුදුනට වෙලා කාලය ආහාරයට ගන්න එක ගැන.

ටික වේලාවකින් ඇතින් මිනිස්සු ටිකක් තොරණක් බලන අකාරයෙන් අපේ තොවිලය බලන බව පෙනුන.

එතන කොහොමත් 20 30 හිටපු නිසා අපි හිතුවෙ වෙන මොකක් හරි සිද්දියක් වෙන්න ඇති කියල ඔප දූප බලන්නත් හිතාගෙන ඒ පැත්තට පල්ලම් බැස්ස. (ඇත් හේතුව - තණමල්විලෙන් අරන් එන දේවල් ඒ පැත්තෙ තියෙනවද කියල චෙක් කරන්න)

මෙන්න මේ බහිරව රැලේ හිටපු ගොන් නාම්බෙක් අපිට අනින්න වගේ ඉස්සරහට ඇවිල්ල දෙස් තිබ්බ. අපි ඉතින් සමාව භාජනේක දාල, දෙකට තුනට නැවිල නිකන් දෙන සොරි එක දීල දැම්ම, බලද්දි අපි නටල තියෙන්නෙ ඒ මිනිස්සු ශුද්ධත්වයෙන් සලකන තැනකලු. අපිට ඉතින් වරදින එක අමුතුවෙන් අහන්න දෙයක්ය. කරොත් කරන්නෙ ගොන් කම මිශ්‍රවෙච්ච චාටර් වැඩක්මනෙ. ඉතින් කොහොම කොහොම හරි ගමේ උන්ගෙන් ගුටි නොකා බේරුනා.

ඊට පස්සෙ අපේ කස්ටියගෙ හැකියාවෙන් ප්‍රයොජනය අරගෙන පිනට තේත් බීල කැරට් පත්තියකින් කැරට් අලත් ගලවගෙන ඊලග කන්ද නගින්න පටන් ගත්ත.

ඒ කන්දෙන් එහ පැත්තෙ තව කන්දක්, අපේ තියරියෙ තිබුනෙ කදු උඩින් ගිහිල්ල නුවර එළියට යන්න බැරිනම් කදු උඩම ඉදල අයෙ කදපොල ගෙදරට එන්න. කොහෙද ගැනු ලමයින්ට නුවර එළියෙ පාක් එකට යන්නත් ඔනෙ කිව්වනෙ.

පස්සෙ කදු නැගිල්ල පැත්තක දාල ලගම පාරෙන් බස් පාරට ආව. ඇවිල්ල බලද්දි කැරකිල අපි ඇවිල්ල තියෙන්නෙ අයිත් හිට්පු තැන පේන හරියකට.

මෙතන ඉදන් කියන්න විශේෂ දෙවල් නැත. නුවර එළියට වැපත් වෙච්ච අපි පාක් එකට රින්ගල හවස් වෙනකන් නිදා ගත්ත, කට්ටිය ටවුම වටේ ගියා මම හොද හීතලට ගහක් අයිනට වෙලා නින්දක් දැම්ම.


අමතක විය, අපි කන්දෙන් කන්ද පැනල නුවර එළිය එන්න ආවනම් අපි තාම එනවාය. මොකද නුවර එළියට එන්නනම් අපිට පිදුරු තලාගල කන්දත් පහු කරන්න තිබුන කියල පස්සෙ දැනගත් නිසාය. දැන ගත්තේ පහුවෙලා වීම සතුටට කරුනක් විය. දැන ගත්තානම් අපේ බාප්පල පිදුරු තලාගල කන්දේත් කොඩිය ගසනවා ශුවර්ය.

ඔන්න ඔහොම 6 වෙනි දවස අහවරවිය.

අන්තිම දවසෙන් හමුවෙමු........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

After A/L Trip - Part 7 (Day5) - හොරෙන් මාරු වීම  

Posted in

ඔන්න අලුත් දවසක් උදා වුණා නුවර එළියට එළිවෙද්දි පට්ට සීතල වුණාට අපි මෙදා නම් කුකුළට කලින් නැගිට්ට. මොකද අපි ඔහියෙ ඉදල මීළග ගමනාන්තයට යන්න තිබුණ නිසා.

උදේම නැගිට්ටෙනම් තවත් එක සාටර් ප්ලැනක් ක්‍රියාත්මක කරන්න තිබුණ නිසා.

කස්ටිය ඉකමනට ලැස්ති වුණා කොච්චිය 8ට පිටත් වෙන්න තිබුනත් අපි 6.30 වෙද්දි රෙඩි වුණා, අපි එක්ක හිටිය ගැහැණු ළමයින්ට මේක මාර ප්‍රහේළිකාවක් වුණා. (ගැහැණු ලමයි ට්‍රිප් එකට ගියෙ නැහැ කියල දන්නවනෙ මේ ගැණු ළමයි කවුද කියල කලින් පොස්ට් වල කියල ඇති)

කලින් දවසෙ කන්න ගෙනාපු පිගන් අරගෙන අපේ දෙන්නෙක් කඩේ ට යන්න ලැස්ති වුණා. හැබැයි ඒදෙන්න ගමන යන්න ලැස්ති වෙලා හිටිය පාටක් පෙන්න තිබ්බෙ නැහැ. (ඒකත් ප්ලැනෙ කොටසක්) ඊට පස්සෙ අපි ඉතුරු දහදෙනා කොච්චි පාරදිගේ පට්ටි පොල පැත්තට හෙමින් ඉස්සරහට ගියා.



අපි අනිත් අයට කිව්වේ මේ හරියෙ දිය ඇල්ලක් තියෙනව කියල අන්කලයෙක් කිව්ව ඒකත් බලලම එමු කියල. අර ඉතුරු දෙන්න කඩේට ගියා අපි පුලුවන් ඉක්මනට ප්‍රදේශය මග ඇරල ඉස්සරහට ගියා. කලින් කිව්වනෙ කදුවලින් වට වෙලා තියෙන ගමක් ඔහිය ගමනා ගමන මාධ්‍ය තිබුනෙ දෙකයි එක්කො දවසට දෙතුන් පාරක් එන බස් එක නැත්තන් කොච්චිය.

ඔහියට ළගම ස්ටේශම තිබුනෙ පට්ටිපොල ඒක තිබුනෙ බදුල්ල පැත්තට නොවෙයි නනු ඔය පැත්තට, අපි යන්න ඔනෙ බදුල්ල ඉදල එන කොච්චියක.

පට්ටිපොල ස්ටේශන් එක තමයි ලන්කාවෙ ඉහලින්ම පිහිටල තියෙන ස්ටේශන් එක. හරි ලස්සන වට පිටාවක ඔය තැන් තියෙන්නෙ.

Pattipola railway station in Sri Lanka

දැන් අපේ ප්ලැන තේරෙනව ඇතිනෙ. :) අපි ඔහොම ඉස්සරහට දුවල ගියා ගිහිල්ල මග නැවතුනා අර කඩේට ගිය දෙන්න එනකන්. අර ප්ලැන් එක ගැන නොදන්න අයට වැඩේ තේරිලා උන් අපේ මව් දෙමව්පියන්ට දෙස් තිය තිය දෙවියන්ට කන්න "ලව්" කර කර ඉන්නව.

දවස් දෙකකට හිටපු ගෙදරට දෙන්න අපේ ගාව සල්ලි තිබුණෙ නැහැ. අනික අපරාදෙනෙ අණ්ඩුවෙ දේපොළ වලට අපි ගෙවන්නෙ :p

අපිට ඔය කාලෙ මොබයිල් තිබුණෙ නැහැ ඉතින් අරුන් දෙන්නව අල්ලගෙනද පොලිසියට බාරදීලද කියල හිත හිත කැලැ වැදිල හිටිය.

ඒත් තෙක්කම මුන් දෙන්න ඇදන් හිටපු සරම් ඔලුවෙ දාගෙන ඩබල් එකේ දුවගෙන එනව දැක්ක. පිටි පස්සෙන් එන එකා මොකා උණත් උන්ගෙ හතර හන්දි කඩන්න කස්ටිය පොලු ටිකක් අතට ගත්ත. අපි කලින්ම මේ පොලු කැලි ගඩා ගත්තේ ආත්මාරක්ශාවට .

දෙය්යොන්ට පින් සිද්ද වෙන්න මොකෙක්වත් මුන්ගෙ පස්සෙන් එලවන් ආවෙ නැහැ. මුන් මේ අපිව බය කරන්න ගාල කඩන් දුවගෙන ඇවිත් තියෙන්නෙ.

ඔන්න අපේ වැඩේ පළවෙනි කොටස සාර්ථක උණා. දැන් තියෙන්නෙ පට්ටිපොල වෙනකන් ඉක්මනින් යන එක නැත්තන් කොච්චියේ යන්න වෙන්නෙ නැහැ.

ඒ ආපු ගමන නම් ආයෙත් දවසක යන්න වටිනව. අපි කොච්චියෙ ඔය පාරවල් වල ගියාට පයින් ඇවිල්ල තිබුනෙ නැහැනෙ. බිම් ගෙවල් මැදින් පයින් එද්දි නියම experience එකක් ඒක. ගෙයක් දොරක් පේන තැනක නැහැ.

Tangarine

ගමට ලන්වෙද්දි ආයෙ වගා කරපු ඉඩම් තිබුනා ඒ යන ගමන් දොඩම් ගහක් සුද්ද කරා එදා තමයි මම දැන ගත්තෙ ලන්කාවෙ තැඹිලි පාට දොඩම් හැදෙන බව. අර පිට කොවටුවෙන් ගන්න ඒව වල වගේ කෘතීම රහක් නැති උනාට වෙලාවෙ හැටියට ලොකු දෙයක් ඒක.

තව කැරට් වගේකුත් කකා කොල්ලො ටිම පට්ටිපොලට සේන්දු උණා. මට එදා සිට හරකාට මෙන් ඝණ දෙවියොන්ගෙ මොළේ පිහිටල තිබුන. අනිවාර්‍යයෙන්ම ඔහියෙන් පට්ටිපොල ස්ටේශන් එකට message එක දීල තියෙන්නෙ ඔනෙ නිසා ටිකට් ගන්න කොට 12කට ටිකට් නොගන්න තීරනය කරා.

ඉතින් ටිකට් 7ක් ගන්න හිතාගෙන ටිකට් කවුන්ටරේට යනකොට. ටිං ටිං ගාල ඔහියෙන් නිව්ස් එක එනව 11ක් එහෙන් පැනල එනව කියල. ඔහියෙ මුරකාරයත් කොච්චියේ එනව කියල කිව්ව, මම ශේප් එකේ ටිකට් 7ක් ඉල්ලද්දි අපේ හිටපු ගොන් නාම්බෙක් පැනපු ගමන් ටිකට් 12යිනෙ බන් ගැව. මේ උගුඩුව කරුමෙට මෙතනට ආවෙ කොහොමද කියල බැලුවම තේරුණේ මුන් හිතල තියෙන්නෙ අපි අදත් හොරෙන් ගිහිල්ල ලෙඩක් වැටෙවි කියල ටිකට් දෙන එකාට ඇහෙන ටිකට් ගාන කියන්න ආව කියල.

මැට්ටො එක්ක මොකුත් බැහැ කියනවනෙ. ඒත් එක්කම ස්ටේශන් එකේ වැඩට හිටපු බල්ලො බලල්ලු ඔක්කොම අපිව වට කරා. අපි සැලෙයි ඔවට හොදම වැඩේ කියන්නෙ මගෙ පස්සෙන් ඇවිල්ල ටිකට් ගාන කියපු කමල එළවලු කොරටු උඩින් පැන පැන දුවනව. ස්ටේශමේ හිටපු උන්ටත් මාර ජොක් එක ඒක. උන් එක්ක එකතුවෙල අපිත් හූ කිව්ව ඌට. කොහේ දිව්වත් දුවල බේරෙන්න පුලුවන් පළාතක් නෙවෙයි ඒක.

එදායින් පසු කමල් අපි සමග තිබූ මිත්‍රකම පලුදු කර ගත්තාය.

පස්සෙ මුන් අපෙන් ඇහුව කේස් එක, ඉතින් අපි දන්නෙ කොහොමද නේද. ? :p අපි කිව්වෙ අපි අද උදේ හොටන් තැන්නෙන් බැස්සෙ අපි ඔව දන්නෙ නැහැ ඔනෙනම් කොච්චිය එන්න කලින් එහෙ එකෙක් ගෙන්නවල අහන්න කියල.



එහෙන් එකෙක් එන බව දන්නෙ මම විතරනෙ මමනෙ ටිකට් ගන්න ගියේ, ඊට පස්සෙ අපි එක්ක කොකු දාන්න ආපු සෙට් එක ශේප් උණා. උන්ටත් ශුවර් නැහැනෙ වැඩේ. ඒතරෙ අර දුවපු එකා ආයෙ ආව.

පස්සෙ මම අපේ ගොබ්බ සේනලට කිව්ව එහෙ මුර අන්කලය කොච්චියෙ එනව ඊට කලින් මාරුවෙන්න ඔනෙ කියල.

කොච්චිය එන්න 10 mins වගෙ තිබ්බ නිසා අපි එතන කඩේකට රින්ගුව තේ බොන්න කියල. වැලිමඩ ඉදල අඹේවෙලට යන බස් එකක් ආව ඇතින් ඒකත් ඉතින් රාජ්‍ය දුම්රිය දෙපාර්තමේන්තුවෙ කරුමෙ තමයි.

ස්ටේශමේ උන් කඩේට ඇහැ ගහගෙන ඉන්නෙ අපි මාරුවෙනවද බලන්න. ඔය පැත්තෙ පාරවල් තියෙන්නෙ කදු අතරින්ම නිසා බස් එක හොල්ට් එකෙන් මිස් උනත් කන්දෙන් බැහැල බස් එක අල්ලන්න පුලුවන් විදියෙ ඔප්ශන් තිබුණ.

අපි බස් එක පහුවෙන්න ඇරියට පස්සෙ ස්ටේශමේ කස්ටියගෙ සැකේ ඇරුන. පි කඩේ පිටි පස්සෙ දොරෙන් මාරුවෙලා කොහොම හරි බස් එක අල්ල ගත්ත පොඩි මැරතන් පාරකුත් දුවල. බස් කාරය අහනව ඇයි මල්ලිල ඔයාල අපි ඔතනින් එද්දි නැග්ගෙ නැත්තෙ කියල. අපේ එකක් කිව්ව ඩොං ගාල, අපි හොර වැඩක් කරල හිටියෙ ඒ වෙලාවෙ නැග්ගනම් නැව් ගුටි කන්න වෙනව කියල. කොකටත් ඒක කිව්ව එකත් හොදට ගිය ඩ්‍රයිවර් අයිය නලව නලව ගෙනාපු බස් එක යන්තම් 25ට විතර වෙනකන් පැගුව.

කොච්චියත් මිස් වෙච්ච එකේ යන්න එන්න තැනකුත් නොදන්න නිසා අපි අඹේවෙලට මෙහායින් බැස්ස. කන්දක් නැගල යමු කියල හෙමින් මොකද ඊළග කොච්චිය තිබුනෙ අඹේවෙලෙන් 2ට විතර. අනික ගත්තු ටිකට් ටිකෙන් වැඩක් ගන්නත් ඔනනෙ.

පස්සෙ ඉතින් අඹේවෙල වැවක් වගේ එකක් ගාවට ගිහිල්ල දවල් වෙනකන් නින්දක් දැම්ම. ඒක වැවක්ද මොකද්ද කියල හරියට නොදන්නෙ අපි මනුශ්‍ය ආස්‍රයට ගියේ නැති නිසා. පොලිසියට එහෙම කියල තිබුනනම් සොරි.කොම් වෙනවනෙ.

මාලු අල්ලන අන්කල් කෙනෙක් ආව අපි ඉන්න පැත්තට මේ සීතල වතුරෙත් වෙල් මාලු ඉන්නව කියල දන්නෙ එදා තමයි. පස්සෙ අස්තානොචිත ප්‍රන්යාවෙන් මලු කූරියො තුන් හතර දෙනෙක් ඉල්ලගෙන පුච්චගෙන කැව.. හිහි ඔන්න මලු පුච්ච්ල කාපු first ටයිම් එක. වෙනදට පුච්චන්න ඔන වෙන්නෙ නැහැනෙ. කොරපොතු පිටින් මාලුව පිච්චුවම මැද මස් ගාණට තැම්බෙනව :D.

ඊට පස්සෙ කොච්චිය එන ටයිම් එක බලල කොකටත් ඇතින් ඉදල නානු ඔය වෙනකන් ආව.

නානු ඔයෙන් නුවර එළියට එද්දි හවස් වෙලා, ට්‍රිප් එකේ තවත් අමාරු දවසක් පහු කරපු නිසා වැඩිය ඇවිදින්න ගියෙ නැහැ.

සීතලේ පාරවල්වල චාටර් වෙන්න බරි නිසා අමාරුවෙන් හරි බස් එකක එල්ලිලා කදපොල සිලා ලාගෙම තවත් නැන්ද කෙනෙක්ගේ ගෙදරකට චුත වුණා. ඒ පැත්තෙ ඉතින් හැමතැනම එළවලු වවල තියෙන නිසා රැ කැම ගැන අමුතු ප්ලැන් ගසා ගෙට ඇතුල් උනා. අපේ කරුමෙට අපේ ප්ලැන් කරන්නට ඉඩ ලැබුනේ නැත. නැන්දා අපේ කුම්බාන්ඩ රැලට කැම දීමට ස්වේච්චාවෙන් ඉදිරි පත් විය. අපි කෙසේ කීවත් ඉල්ලන් කන එල සීලට වගේම නැන්දාටත් උරුම වී තිබුන නිසා කබර රැලකට කන්න දීමට සිදු විය.

කරුමෙ කියන්නෙ අපේ බාප්පල මිනිස්සුන්ගෙ ඉස්සරහ මාර වැද ගත්ය එම නිසාම උන් බඩ ගින්නේ නිදා ගන්න වාර අනන්තය. දේපාරක් බෙදා නොගන්න තරම් ලැජ්ජා සහගතය.

මම නම් ඉතින් වැඩිය කන එකෙක් නොවෙන නිසා තනි පිගානෙන් ශේප් වෙන එක ගේමක් නැත. මුන් එක එක ප්ලැන් ගසන්නේ බඩ ගින්නේ සිටීමට වෙන බව කල්තියා දන්න නිසාය. කලුවර වැටුන පසු ගිය නිසා පරිසරෙන් හොරා කා හැකි දේවල් සොයා ගන්නටද නොහකිවිය.

සීලාගේ මාමා හා නැන්දා ඉස්කොලෙක උගන්නපු නිසාම හිටියේ ගුරු නිවාසයේය අපි ස්වේච්චාවෙන් ඉස්කොලෙ පන්තියක නිදන්න තීරනය කලේ අපේ අයියලාගේ දහදුරා වැඩ නිසා කුස්සියට රින්ගීමට උනත් බැරි නැති නිසාමය, සීලාගේ හා නැන්දලාගේ නැකම එයින් නැති වෙනු ඇත.

රැ නිදා ගැනීම සිදු වුණේ බොහො පසුවෙලාය එතකන් නොයෙක් අකාරයේ බයිලා ගසමින්, මතට තිත තබමින් සිටියෙය.

අපේ ට්‍රිප් එකෙ කට්ටි දෙකක් ගියාය එක කට්ටියක් දහදුරා වැඩවල පරතෙරටම ගිය අය වුන අතර. අනික් අය ඒ වඩවලට බයවෙලා හිටි පිරිසකි, උන් හොරකම් කරන දේවල් බුක්ති වින්දට හොරකම් කරානවාට පලුයන තුරු බ්ණිනවාය. කැමක් හොරකම් කරාට අපේ කස්ටිය වෙන හොර වැඩ කරේ නැත, බස්වල හොරෙන් යන දේවල්. එලිපිට හොරෙන් කැම. එළිපිට බොරු බයිලා කියා බස් එකේ යැම ලොකු දෙයක් නොවුන නිසා බස් කුලියෙන් ලොකු ප්‍රමානයක් ඉතිරිවිය.

ඉතිරි කරගත් මුදල් යෙදවුනේ ආණ්ඩුවේ සන්වර්ධනයටය, පිළිකා ඇති කරගන්නා බීම වෙනුවෙන් මුදල් යෙදවීම රටේ සන්වර්ධනය ලොකු පිටුවලක් බව නොදන්නො දන්නේ නැත.

ඔන්න පහුවෙනිදාට එළිඋනාට පස්සෙ අපි නුවර එළියෙ සිරි විදින්න තීරණය කරා. ටවුමට ගිහිල්ල තව කොහෙදො ගිහිල්ල එන්න තමයි තීරණය කරේ.

........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

After A/L Trip - Part 6 (Day4 - 2) - හොටන් තැන්නේ දවස  

Posted

පස්වෙනි දවසෙ ඉතුරු කොටස, ඔන්න අපි ඔහොම බොරු කිය කිය අපේ කමල් මල්ලිව බයිට් කර කර ගියා හොටන් තැන්නට ලොකාන්තය බලන්න බැරි දවසක අපි ගියේ මීදුම නිසා වෙඩි දුරක් පෙන්නෙ නැහැ. බේකර්ස් ලොකාන්තෙ අමතක කරපු අපි ගියා බේකර්ස් ඇල්ල පැත්තට යද්දි කාටවත් නැමේ අවශ්‍ය තාවයක් නොතිබුනු නිසා ඒ ගැන හිතුවේ නැත.

ටික වේලාවක් එතනට වෙල ඉන්නකොට අපේ එකෙක්ට ගිනියම හැදිල නාන්න වතුරට බැස්ස. ඒ සීතලේ ඇල්ලෙන් නාන්නනම් මූට මීහරකට වඩා ගිනියම තියෙන්නට උවමනාය.

 shrubs with pink flowers
ලොකාන්තෙත් බලන්න බැරි උන එකෙ මෙච්චර දුර ඇවිල්ල අත වන වන යන්න හොද නැහැ කියල කස්ටිය අයිස් කැටේ බදා ගත්ත, මම එදා සිට අනුන්ව ෆොම් කරල මාරුවෙන නිසා එදාත් නොනා බේරුණා. ඇදන් යන්න ඇදුම් නැති නිසා බලෙන් වතුරට ඇදල දැම්මෙ නැතත් ස්වේච්චාවෙන් නැවේ නැති අයට බලෙන් හො ඇදුම් ගලවා නැමට සිදු විය.

Baker's Falls.JPG

ඔක්කොම නාන එකේ මටත් නාන්න උවමනාව තිබුනත් පස්සෙ අමාරුවෙන් අස්සව යට ගැහුව.

ඔය අතරෙ අපෙ සෙට් එකෙ ගැණු උදවියට ලොකාන්තය බලන්න අවශ්‍ය විය. හවස 4ත් පහුවෙල තිබුණ නිසා ලොකාන්තය තියා යන පාරවත් clear නැත. (ගැණු උදවිය යනු ගැණු උදවිය මෙන් සිතන කොලු ගැටව් කිහිප දෙනා)

රැ අටට ඔහියෙන් පිටත් වෙන කොච්චිය අල්ලන්න හිතාගෙන අපි ඩබල් එකෙ පල්ලම් බැස්සත් අපිට කලින් ගැහැනු ලමුන් 4 දෙනෙක් පල්ලම් බැස්සා, උන්ට ට්‍රිප් එක අමු වහක් වෙලා තිබුණෙ.

උන් වැඩ කරේ බජට් එකටයි ප්ලන් එකටයි විතරයි, අපෙ බජට් එකේ විදියට කාමර ඔහියෙ ඉදපු කාමර කුළිය දුන් පසු ඉතිරි වෙන්නෙ සොච්චම් මුදලකි.

අපි හෙමින් සින්දු කිය කිය බහිනකොට ඇත කොච්චිය හූ තියාගෙන යන්න ගියා කලින් ගිය අයට අපිත් එක්ක යකා නැගල. කොහොම හරි අදත් අපි මෙහෙ ඉදල උදේම යමු කියල ප්ලැන් එක වෙනස් කරා.

එදා රැනම් අල හාරගෙන කන්න පුලුවන් උණා අපි වවපු පාත්ති තිබුන නිසා කලින් දවසෙ ඉතුරු කරපු දර ටික නිසා එදා රැ සීතලෙන් බේරුණා.

ලබන කොටස මීලග ලිපියෙන්.
........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

After A/L Trip - Part 5 (Day4- 1) - කැළේ මැදින් හොටන් තැන්නට  

Posted in

ඔන්න ට්‍රිප් එකෙ දෙවෙනි අදියර හොර්ටන් තැන්න තරණය. කවුරුත් නොදන්න නිසා කියන්නෙ ඔහියෙ ඉදල හොටන් තැන්නට කිලො මීටර් 11 විතර තියෙනව. අනිත් අයනම් මේක වාහන වල ගියාට අපි පයින්ම අදින්න තමයි ප්ලැන් කරේ.

අපේ breakfast එක අර ස්ටෙසන් එක ගාව කඩෙන් ඔර්ඩර් කරල තිබුන නිසා ready වෙලා ගිහිල්ල ඒක කැව.
ඒවනම් සල්ලි දීලම කැව මොකද ගම්බද පලාතක් නිසා දවල්ට පිණට කාල දුවන්නවත් තැනක් නැති නිසා. එකම මග තිබුනෙ කොච්චි පාර තමයි. බස් එකක් එන්නෙ දවසට 3 4 පාරයි ඒත් වැලිමඩ ඉදල.

ඔන්න අපි කන වෙලාවෙ එතනම එහා වත්තෙ අන්කල් කෙනෙක් මොනවදො ගෙඩි වගයක් කඩනව. ඉන්න හිටින තැන අමතකවෙන ගතියක් අපේ වැඩි දෙනෙක්ට තිබුන නිසා ගිහිල්ලම ඇහුව මොනවද කියල. බලද්දි එව ස්ට්‍රොබෙරිලු. ම්ළාට මම එදාමයි ඔය හැදෙන ගහ දැක්කෙ food city වල තිබුනට ජීවිතෙට සල්ලි දීල කන්නෙ නැහැනෙ. ඔන්න මව් දෙමව්පියො ගෙනාවොත් රහ ගුණ පැත්තක දාල කැවට.

ඔන්න ඉතින් අපේ ගුණදරුවො අලුත් අදහසක් ඔලුවට දාගත්ත රැට ක්‍රියාත්මක කරන්න. (ඒ කියන්නෙ ස්ට්‍රොබෙරි වගාව සුන්නද්දූලි කිරීම, සරලව කිව්වම ස්ට්‍රොබෙරි හොරෙන් කැම.) අපි ප්ලැන් කරේ එදා රැම ඔහියෙන් මාරුවෙන්න. මොකද අපේ ප්ලැන් එකෙ අනිත් දවස වෙන් කරල තිබුනෙ නුවර එලියෙ යන්න,

ගුණදරුවො කිව්වෙ ගුණවත් දරුවො නොවෙන බව සලකන්න. (ගූ දැක්කත් කන දරුවො කියන එක කෙටි කිරීමකින් හැදුන වචනයක්)


ඔන්න අපේ නඩේ පිරිසිදු සිතින් හොර්ටන් වන්දනාවෙ යන්න ලැස්ති උණා, මෙහාට තුන් හතර පාරක් ගිහිල්ල තියෙන නිසා ලියද්දිත් නිකන් කචල් වෙනව අවස්තා පැටලෙනව. ඔහොම ටික දුරක් යනකොට අපේ පෙරමුනේ රාළකෙනෙක් ඔත්තුවක් දුන්න කැමක් ලග තියෙනව කියල. බලද්දි අපි රැවෙලා කඩන්න ගිය ස්ට්‍රොබෙරි වගාවක් කැළැ ප්‍රදේශයක් නිසා මීස් පුලුටක්වත් පේන්න හිටියෙ නැහැ හිටියත් බයිල කාරයොන්ට ඒව ශේප් කරගන්න පුලුවන් නිසා බැස්ස වත්තට. (පෙරමුනේ රාළල කියන්නෙ මුන් යන්නේ පාර දිගේ නොවෙයි. ගස් ගල් අස්සෙ රින්ග රින්ග යන්නෙ. ඔය ඔහොම කැපෙන්නෙ අර තණමල්විලෙන් ඉම්පොර්ට් කරපු එව යූස් කරන්න) ඔන්න අපි එදා කැව මැරෙනකම් හරි යන්න ස්ට්‍රොබෙරි පව් අහින්සක මිනිස්සු ස්ට්‍රොබෙරි මලුත් කාල කොළත් කැවට පස්සෙ තමයි ඔය පළතුර එපා වුනේ.

A tea plantation in Sri Lanka

ඊට පස්සෙ ඉතින් අයිත් ශොට් කට් හොය හොය ඉදිරියට ගියා ඔය අතරේ මටයි, බූනටයි අලුත් අඩි පාරක් අහු වුණා අපි දිගටම ඒකෙ ගියා නැවති නැවති යන්න බය හින්ද මම ඉස්සරවෙලා දිව්ව. බූන පස්සෙන් ආව අනිත් උනුත් පස්සෙන් එනව ඇති කියල හිතාගෙන දිව්වත් ගිහිල්ල නැවතිලා බලද්දි බල්ලෙක්වත් පේන්න හිටියෙ නැහැ.

ගිහින් නැවතුනේ තේ වත්තක හැබැයි පහලට හෙළ තේ වවල තියෙන්නෙ ඔය හෙලේ. ඉතින් ආයෙ හැරිල ගිහිල්ල නිකන් කීර්ති නාමයට කැළලක් ඇති කර ගන්න බැරි නිසාම ළිංකටින්ම ගොඩ එන්න හිතාගෙන පල්ලම් බැස්ස. මීදුම නිසා හෙළ පහල දැක්කෙ නැතත ගෙවල් වල වහලවල් පේන්න තිබුණ නිසා පහලට බහින්න හිතුව.

මීදුමෙන් වැහිල තිබුනට එතන Maxa scenery එක. ඒ වගේම තමයි මම දුවගෙන ආපු ඒම එහෙම්ම ආවනම් මාව සවලෙන් එකතු කරන්නවත් හොයා ගන්න බැරි වෙනවාය. අපි ඒකාලේ කැමර පොන් යුස් කරේ නැති බැවින් මෙම දර්ශන පටිගත කර ගත නොහැකිවිය.

පරිසරේ විදල ඉතුරු රිළව්ටික හොයා ගන්න බැරි උනොත් කැලේ කොළ කකා ඉන්න වෙන නිසා කොහොමහරි මිනිස් පුළුටක් හොයාගෙන ඉස්සරහට ඇදුන. උදේ පාන්දර නිසා තේ කඩන කෙලි පැටික්කියෙක්ව වත් සෙට් වේවා කියාගෙන හිතාගෙන යනකොට ට්‍රැක්ටර් රාජයෙක් එනව දැකල ඒකෙන් හෙල්ප් එකක් ඉල්ලුව. කරුමෙ කියන්නෙ මුන් දෙමළ ඇර කිසිම බාසාවක් දැනගෙන හිටියෙ නැහැ.

මම දන්න දෙමළ උන්ට ලතින් වගේ නිසා "සරි සරි පොම් පොම්" කියල මාත් නැග්ග ට්‍රැක්ටරේ ටේලරේ.

Tea pickers with their baskets

ට්‍රැක්ටර් රාජය දරනෙ ගහල ගිහිල්ල නැවෙත්තුව තේ කඩන ඇන්ටිල සෙට් එකක් ගාව, මගේ හොද වෙලාවට broken සිංහල දන්නව ඒ ඔක්කොම. පිරිමි එකෙක්වත් සින්හල දන්නෙ නැති පළාතෙ ගැණු උදවිය කොහොමෙයි සින්හල දන්නෙ. අලේ මන්ද.

ඔන්න ඊට පස්සෙ ඒ මනුස්ස කාන්තාවො මට පාරත් පෙන්නල තිත්ත කසාය වගේ කොපි එකකුත් දුන්න.

ඒ කොපි එක කටේ තියන්න බැරිය ඒත් එක බීවාට පසු සීතල මාව දා ගියාය. අපි නළුවන් නිසා කොට කලිසම් ඇන්දගෙන ගමන පටන් ගත්තාය. ගමේ මිනිසුන්ට අපි රැළ රිලා නටවන්නන් සේ පෙනුනාට කිසිම සැකයක් නැත. මොකද උන් ඇග වැහෙන්න ඇදුම් ඇදන් සිටි නිසාය. ඒ තරම් සීතලක් ඒ දවස්වල තිබුනාය.

ඊට පස්සෙ කාපු පරිප්පුව මතක් වෙන්න කියල ඒ මිනිස්සු තේ කඩද්දි යූස් කරන ලෙවෙල් එකකුත් අරගෙන. මම එතනින් මාරු උනා. ලෙවල් එක කිව්වෙ අර තේ කඩන අයගෙ අතේ තියෙනව දිග කොට්ටක්, ඒක බට ගස්වලින් හදා ගන්න එකක් ඒත් මම ගත්ත ඒ කොට්ට හොදට දිලිසෙන්න මට්ටම් කරල හදපු එකක්.

ඔන්න ඊට පස්සෙ හිගන්නා සේ ඇන්ටිලාගෙ හකුරු කැල්ල හප හප ගුරු පාරදිගෙ ගියා තාර පාර හොයාගෙන. ඔහොම යද්දි අපේ රිළව් කැලේ දෙවනත් වෙන්න සින්දු කියනව.

මට ඉතින් මුන්ගේ මව් දෙවම් පියො මතක් උනේ නැහැ වැඩිය. මොකද මුන් මාව අතරමංවෙන්න ඇරල මෙතන බජව් දානව.

ඔන්න ඉතින් මම එතනට වඩිද්දි කස්ටියට මාර ආතල් මොකද මම ශොට් කට් එකෙන් ගිහිල්ලනෙ ඔය ආවෙ. පස්සෙ බලද්දි බූනත් මිසින් මගේ පස්සෙන් ආපු ඔටුව.

අපේ බූරු රැළ හිතල තියෙන්නෙ අපි දෙන්නම එක මග ගිහිල්ල ඇති කියල. මම ආපු පාර අප්සට් බව මම දැක්ක නිසා මම කිව්ව ගිහින් බලන්න කියල අනිත් උන්ට අයෙ ඔය පාරෙ යන්න බැරි තරමට මම කට්ට කාල හිටපු නිසාම.

එක එකා ගනන් උස්සල මගට යන්න සෙට් වෙද්දිම මෙන්න මෙ හොතබුව එක පාරට පහත් උණා බලද්දි මූ මගේ පස්සෙන් ඇවිල්ල තියෙන්නෙ ඒත් දැකල නැහැ මාව. මම ට්‍රැක්ටරෙන් ආපු නිසා මිස් වෙලා.
මෙකට කොපි එක්ක රොටිත් දීල අර ඇන්ටිල. මාව කලුවට පෙනුනද දන්නෙ නැහැ උන්ට.

දවස දිග වැඩී ජවනිකා වැඩි නිසා,

හොටන් තැන්නට යනකන් කිසිම විශේශ දෙයක් සිදු වෙනේ නැත මොකද යනකන් බයිට් එකට අපේම අය සිටි නිසාය.

දිනේ ඉතිරි කොටස ඊලග ලිපියෙන්.
........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

After A/L Trip - Part 4 (Day3 - 2) - ලක්ශපානේ සිට ඔහියට  

Posted in

සැ.යු. මේ කොටස් ටික සිද්ද වුණේ අළුත් දවසකද නැත්තන් සිරීපාදෙන් බැස්ස දවසේමද කියා පැහැදිලි මතකයක් නොමැත. හොරෙන් බත් කාල සිල්වලගෙ නැන්දලගෙ ගෙදර ආවට අඑක එකා හිතුමහ්තේ ඉබාගාතෙ ගියා අපිත් ලාවට වොශ් පාරක් දාල හොටන් තැන්නට ගාටන්න ලැස්ති උණා.

පස්සෙ දැන ගත්ත විදියට සම "හරක්" කිතුල් රා හොයාගෙන ගිහින් තිබුන අතර තව සම "හරක්" අපට හොරෙන් කිතුල් හකුරු ගෙවල්වලට ගෙනියන්න අර ගන්න අතුරුදහන් වී තිබුණි. ඔය හොරෙන් ගත්ත හකුරු වලට කරපු වැඩේ ඉදිරි කොටස් වල දැන ගන්න ලැගෙනු ඇත. ඔන්න කස්ටිය දවල් හැටන් වලට යන්න පිටත් උනා. වෙලාවට බස් එකක් ආපු නිසා අලුතින් මොකුත් සිද්ද උනේ නැහැ. ඔක්කොම වැටුන වටුන තන්වල නිදාගෙන ගිය නිසා බස් එකේ ගිය කාටවත් අතුරු ආන්තරවක් උනෙත් නැහැ.

ඔන්න කොහොම හරි හැටන් වලට ඇවිල්ල ඔහියට යන්න කොච්චියක් සෙට් කර ගත්ත. ඔහියෙන් බහින කොට ලාවට කළුවර වැටිල තිබින නිසා එදා රැට ඉන්න තැනක් සෙට් කර ගන්න එක ඊට වඩා අමාරු කේස් එකක් උනා.



ඔහිය ඉස්ටෙසොන් එක ඉස්සරහ පොඩි කඩ කැල්ලක් තියෙනව එකෙන් කිව්ව Railway Quartes එකක් සෙට් කර ගන්න පුලුවන් කියල. පස්සෙ දන්න බයිල ගහල දවසට 600/- ගානෙ ගෙදරක් සෙට් කර ගත්ත අපි ප්ලැන් කරේ රැට Vegitable course එකක් කරමු කියල. බලන බලන තැන එළවලු පාත්ති තියන එකේ මොකටද නිකන් අතින් කන්නෙ කියල.

කාමර දෙකක පොඩි ගෙයක් ඒක කුස්සිය පිරෙන්න දර පටවල. සීතල වැඩි නිසා ගැහුව ගිනි මැලයක් ලිප තියෙන පොරනුවෙ. එළි වෙද්දි දර ටිකෙන් බාගයක් පුච්චල ඉවර කරා බොහොම අමාරුවෙන්. අපේ task එක තිබුනෙ දර ඔක්කොම පුච්චල කුස්සිය හිස් කරල දෙන්න ඒත් ඉතින් අපරදෙ බාගයක් විතර ඉතුරු උනා.

ඔය අතරෙ කස්ටිය එළවලු හොර කමේ ගියා. එලවලු දැකල තිබුනට ඉතින් පත්තිවලින් ගලවන්න experience නැති නිසා රාබු නොකොලුත් තම්බන්න උගුල්ලන් ඇවිල්ල තිබුන. සම හර උන් එව තම්බල කාල වවපු කස්ටියගෙ දෙමව්පියන්ට පින් අනුමොදන් කරා. මොකද රාබු නොකොල් පට්ට තිත්තයිනෙ මුන් කොලත් එක්ක දාල පට්ට රසයි. silly

හරියට බලද්දි තම්බල කන්න පුලුවන් තත්තවෙ තිබුනෙ කැරට් ලීක්ස් විතරයි. බීටෲට් තම්බල කන්නත් බැහැ. බොන්චි ඔය පලතෙ හැදෙන්නෙත් නැහැනෙ.

ඔන්න ඒ පාර එකෙක් කිව්ව අල පාත්තියක් එහා වත්තෙ තියෙනව මුර කරන එකෙකුත් ඉන්නව කියල. අල තියෙන බව කියල තියෙන්නෙත් ඒ මොඩ මුර අන්කලයම තමයි. ඔන්න අපේ බයිල මමල දෙන්නෙක් ගියා අන්කල්ව trap කරන්න. ඒ අතරෙ තව දෙන්නෙක් ගේමට enter උණා.

ටික වෙලාවකින් මෙන්න ටකරමකට ගල් ගහන සද්දෙයක් ආව නිසා අපි ගිය ඒක බලන්න. ඒත් එක්කම අර හොර කමේ ගිය උන් දෙන්න ලොකු පදුරු හතරක් පහක් එක්ක හති දාගෙන දුවන් ආව.

පස්සෙ බලද්දි මුන් වත්තට රින්ගද්දි එල්ලල තිබුන ටකයක් හොලවගෙන ගිහිල්ල ඒමගුල වටේට link කරල පලාතම සද්දෙයිලු.

මුන් ඉතින් සද්ද පැත්තක දාල අල හාරගෙන ඇවිල්ල. අන්කල්ව කතාවට අල්ලගන්න ගිය හරක් පැටව් දෙන්න අන්කල් එක්ක සෙට් වෙලා වල් ඌරෙක් හොයල. වල් ඌරො රින්ගන නිසාලු ටකෙ බදින්නෙ.

ඒ හරක් දෙන්නට ඌර ගැන කිව්වම අපේ ඌරො දෙන්නෙක් ඔකට රින්ගපු බව අමතක වෙලා. ඩිනර් එකට ඌරො හොයල.

ඔන්න අපි දැන් අල කන්න හිතාගෙන ගෙනාපු පදුරු ටික බැලුව. මුන් අල ගස් පිටින් උගුල්ලන් ඇවිල්ල තියෙන්නෙ හිටවල සුමාන දෙකක්වත් නැති පාත්තියකින්. අන්තිමට උන් දෙන්නට අල ගස්වල මුල් තම්බල දුන්න.

ඊළග කොටස 5 වෙනි දවසෙන්
........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

After A/L Trip - Part 3 (Day3 - 1) - සිරීපාදෙ සිට ගෙදරට  

Posted in

උදේම්ම මාර පරිප්පුව...

ඔන්න ඉතින් කන්දෙන් බැහැල බස් හොයද්දි තමයි තේරුණේ හැටන් වලට බස් ගියාට අපි හිටපු ලක්ශපානට බස් යන්නෙ හාව හද බලන විදියට කියල.. බස් එන්නෙ එපැත්තෙන් හවසට විතරලු.. එන එවා උදේම අයෙ යනවලු.. අපි ඉතින් කොහොමත් උදේම නැගිටල කැලේ බලල එනකොට බස් ගිහිල්ල.. ඉතින් අයෙ පලයල්ලකො දෙවෙනි දවසෙත් පයින්ම.. at wits' end

TIME WASTERS කියන ගරු නම්භු නාමය අරගෙන ඔන්න කස්ටිය ඩබල් එකේ බැස්ස ඩබල් කිව්වට එක එකා කඩවල් බඩ වැටි ගානෙ රින්ගල එද්දි ලාවට පරක්කු වෙල තිබුණ.



ඔහොම පයින්ම යන අතරේ තේ දළු අදින ලොරියක් නවත්තල ලිෆ්ට් පාරක් ඉල්ල ගත්තත් තේ දළුවලට වෙන හානිය තේරුම් ගත්ත ඩ්‍රයිවර් මහත්තය දෙවෙනි හොල්ට් එකෙන් අපිව ඩ්‍රොප් කරේ කුණු හරුපෙන් අපේ නඩේට බැණ නැවත් රිටන් එකේ එවැනි වචන ඇසීමට අකමැති උණ නිසාය.

ඔන්න ඉතින් නඩේ ගුරා අපිව කදු හෙල් දිගේ ශොට් කට් හොයමින් පයින්ම එක්ක ගියා යලුවගේ නැන්දලගෙ ගෙදරට. යන අතර මගදි එක එක විදියෙ පලතුරු කැමට ලැබුණ අතර එක තැනකදී කිරි බොතලයක් අරන් බීමට තරම් අපේ කස්ටිය සවුක්ය සම්පන්න විය (දොවාගත් කිරි බොතලයක් හොරෙන් ගෙන එක හුස්මට බී අවසන් කලාය)

පළතුරු කීවට අපට කන්න ලැබුනේ අඹ ගැට හා පේර ගැට කිහිමපයකි. ඒවා කඩා ගැනීමට පට්ට ගේමක් දුන්නේ පලාත ගැන දැනුමක් තිබුනේ නැති බැවිනි. හොර කම උණත් අහුවෙන විදියට කරන එක අපේ අයට ඒතරම් ලොකු ප්‍රොබ්ලම් එකක් නොවුනේ ඒ නිසාය.

ඔන්න ඔහොම යන අතරේ ජම නාරං ගහක් ගෙඩි 6 7ක් සමග තියෙන එක දැක්කම අපේ කස්ටියට පට්ට හැපිය. ගහ අයිති කාට ද කියා බලන්නේ අයිති කාරය පැමිණි විට නිසා කඩා ගන්න තුරු කිසිම කේස් එකක් උනේ නැත.


වදුරාගේ තියරිය අනුව කඩා ගන්න ගෙඩිය එතනම ඉද අහාරයට ගැනීම අපේද තියරිය විය. හේතුව තියෙන පෙරේත කම විනා වදුරාගෙන් පැවත එන නිසා නොවේ.

අමු ජම නාරන් කා කට සවුත්තු කර ගත් පසු ඉතුරු ගෙඩියෙන් football ගසමින් අපි නැවත පල්ලම් බහින්න පටන් ගත්තේය. කරුමය උරුම උනේ ඒ වෙලාවේය.

ගහේ අයිති කරුවන් දෙන්නෙක් AK 47 තුවක්කු දෙකක් කරේ එල්ලාගෙන අපිව නැවැත්තුවේය,.

කාපු ගෙඩිවලට නඩු නොදැමූ අතර football ගැසූ ගෙඩියට නඩුවක් වැටුනි. වදුරු තිරයරියට පින්සිද්ද වන්නට අපි ගෙඩි 7 8ක් කැමේ වැරැද්දට අසු වුනේ නැත.

ගහ අයිති වී තිබී ඇත්තේ අසල යුධ හමුදා මුර පොලකටය. අපේ වෙලාව හොදය බැනුම් ලාවට අසන අතරතුර වවුලෙක්ගේ පිට දමා ගෙඩිය කැඩීමෙන් නිදහස් විය.

ආමි එකේ අයියලා රොටේට් rotate කරන ආමි ලොරියක් අපි යන පැත්තට යන නිසා එකෙන් යා හැකි බව පසුව නඩු ඇසූ ආමි එකේ කොලු ගැටව් දෙන්නා කීම නිසා අපේ හොරා කැම එතනින් ඉවර විය.

ලොරියේ ගමන

ලොරිය වටේ මුර සේවාවල හිටපු ආමි කොල්ලන්ට උදේ කැම බෙදන්න යන එකකි. පරිප්පු සමග බත් පැකට් උදේ කැමට මැxa කැමකි.

ඒ උත්තමයො අපිට කැම දුන්නේ නැත.

අපි අමුතුවෙන් කවෘත් දෙනකන් බල සිටින වැදගත් කොලු පිරිසක්ද නොවෙ. පරිප්පු හා බත් සම්බොල තියෙන බව දැන ගත්තේ වෙන විදියකිනි.
වචන රචන කරපු අපි කැම පැකට් 6 7කට හොරෙන් වැඩේ දී හොල්ට් එකට කලින් ලිෆ්ට් එකට බායි කිව්වේය. ගෙවල් ගාවටම ලිෆ්ට් එක ගෙන කැමවල අඩුවට ගමේ ජනතාවට ගුටි ඉල්ලා දීමට අපි කැමති වූයේ නැත.

ඔන්න අපි එදා 11 විතර වෙනකොට නැවත නැන්දාගේ ගෙදරට වැඩම කරාය.

ඊලග කොටස මතක් උන වෙලාවක ලියමු.

........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

After A/L Trip - Part 2 (Day 2) - සිරී පාදෙට පළමු වරට  

Posted in

ඔන්න අපි ලැස්තී දෙවෙනි දවසට....

අපි ප්ලැන් කරේ නල්ලතන්නිය හරහා සිරීපාදෙ නගින්න.. කොහොමත් සිරීපාදෙ නගින්නෙ හවස් වෙලා නිසා අපෙ එවුන් ඉබාගාතෙ ගම වටේ කරක් ගහන්න ගත්ත.. අපි හිටියෙ සිල්වගෙ නැන්දලගෙ ගෙදරනෙ.. එහෙ ඔය දවස් ටිකෙ හිටියෙ නැන්දගෙ දුවගෙ මහත්තය අයිය විතරයි. ඉතින් පොරත් අපිට මාර සප් එකක් දුන්න.. නැන්දල හිටියනම් පොඩ්ඩක් ධමනය වෙලා ඉන්න ඔනනෙ.. yawn


එහේ හැම ගෙදරම මොනව හරි වවල තියෙනව. එලවළු පළතුරු වලින් අඩුවක් නැහැ... කිතුල් ගස් එහෙම තියෙන නිසා අපේ කස්ටිය ගහේ බඩු හොයාගෙන රට වටේ කරක් ගහනව. තව උන් දෙන්නෙක් කිතුල් හකුරු හොයගෙන රවුමෙ යනව. මම නැග්ග පැණි දොඩම් ගහකට නැගල ඒ ගහ සුද්ද කරා.. පස්සෙ බලද්දි.. පැණි කිව්වට පැණි තිබිල තියෙන්නෙ දොඩම් මල්වල විතරයි.. අමාරුවෙන් ගෙඩියක් කැවට එවා ඇබුල් දොඩම්.. silly

ඔන්න ඔහොම ඉදල අපි සෙට් උනා සිරීපාදෙ තරණය කරන්න.. මොකද මේක මගේ පළවෙනි පාර.. බස් එක යන වෙලාව අපි දැනගෙන හිටියත් වෙලාවට වැඩ කරන නිසා බස් එක ගිහිල්ල පැය බාගෙකට විතර පස්සෙ අපි පාරට ආව.. අපේ පැත්තෙනම් පරට බැස්සගමන් බස් කරයො අපිව වඩගෙන එක්ක යනවනෙ.. ඔච්චර පරක්කු වෙලා ඇවිල්ලත් අපෙ දෙන්නෙක් අයෙ මාරු උණා කොහෙටද යන්න ඔන කියල.. උන්ට රා පොට් එකක් අහුවෙලා ද කොහෙද...

ඉට පස්සෙ පැල් කවි, පතල් කවි, කිය කිය අවා පයින්ම යමු කියල.. කියපු විදියට 20km වගෙ තිබුන ගමනට.. අපි යනවිදියට කොහොමත් පහුවදා වෙද්දි සිරීපාදෙ නගින්න තිබුන..

ඔහොම කැලේ බල බල තේ වතු පහු කරන් යනකොට පැය දෙකකට වරක් යන දෙවෙනි බස් එක අපිව හොයාගෙන ආව හැබැයි එක යන්නෙත් මගට.. කොහොම හරි ඉතින් යමුකො කියල නැගල මගට ගිහිල්ල.. ඉතුරු ටික පයින් ගියා..

අපි ඉතින් අමාරුවෙන් බඩගාගෙන සිරීපාදෙ නැග්ග... නගින අතර තුර ඉතින් ඉදිකටු පනෙ ඉදිකටු එහෙම ඇනල ගියේ.. අතර මගදි වෙච්ච සමහර දෙවල් කියන එක සදාචාර සම්පන්න නැති නිසා ලියන්නෙ නැහැ අනික සිරීපාදෙනෙ නගින්නෙ..


යද්දි සීත ගගුලෙන් නාන්න එහෙම අපි ඇබරුණේ නැහැ.. හීරො ලගෙ role එක රගපාද්දි ඔවට ඇබරෙනවද.. පස්සෙනෙ දන්නෙ උඩට ගියාම කකුල් හිටන් වෙව්ලන්න ගන්න බව,, මොන සිරීපාදෙද උඩට ගියා විතරයි කස්ටික ඔක්කොම මරු උණා හරියට principal ව දැකල දුවනව වගෙ.. ආපු ඒම ඇවිල්ල අයෙ නතර උණේ මග තිබුන අම්බලමක.. මොඩකමට බෙහෙත් නැහැනෙ.. සීත ගගුලෙ උඩ පැන පැන නාල ඇස්වලින් කදුලු පනින්න සීතල අල්ලල බැස්ස... එතනදිත් ඉතින් පොඩි පොඩි ජරා වැඩ කරා.. කවෘ හරි පින්වතෙක් දර ගොඩක් ගෙනල්ල දාල තිබුන කඩෙක දර වෙන්න ඔන.. අපි ඉතින් අපේ අම්බලමෙ තිබුන දර අපේනෙ කියල ඔක්කොම පුච්චල අලු කරල දැම්ම.. සීතලෙනෙ හිටියෙ..

අපේ කට්ටිය හරි දක්ශයි අනුන්ව අන්දන්න.. බොරු කියල.. දක්ශතාවය තියෙන උදවිය අහල පහල තිබුන පොඩි කඩවල් වලින් තේ එහෙම බීල හැලප කාල බොරු කිලො ගනන් වලින් ගාන බේරල ආව.. එළිවෙන්න කිට්ටු කරල අයෙ ඔක්කොමල පල්ලම් බැස්සෙ අපරාදෙ සිරීපාදෙ අවට වැඩක් උණේ නැහැ කියන දුකෙන්... smug

3
වෙනි කොටසින් හමුවෙමු..

***************************************
........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

After A/L Trip - Part 1 (Day1) - ට්‍රිප් එක ලක්ෂපානට  

Posted in


ඔන්න පළවෙනි දහ දුරා සන්නිය :: අපි ප්ලැනක් ගැහුව ට්‍රිපක් යන්න AL ඉවර උන ගමන්.. හැබැයි මෙකට කලින් ලියන්න කතා ගොඩක් තිබුනත් එව ලියන්න හිතෙන හිතෙන විදියට ලියනම් පස්සෙ..

මෙක ලියල තියෙන විදිය ගැන එච්චර හිතන්න එපා මොකද විකාරෙන් ලියද්දි කොහෙන් පටන්ගෙන කොහොම ඉවර වෙවිද කියල මටත් එච්චර idea එකක් නැහැ.. කියවගෙන යද්දි ලියපු විදිය අමතක වෙවි කියල මම හිතනව.. මෙකෙ තියෙන විදියට හුගක් අයට trip යැම එපා වෙවි.. rolling on the floor




අපේ ට්‍රිපේ root එක ප්ලැන් කරපු විදියනම් මට එච්චර මතක නැහැ. මොකද එක එකාට හිතුන විදියට එක එකා ප්ලැන් ගහල ඔන්න set උනේ.. සල්ලි එහෙම හොයපු විදි ගැන මම කියන්න යන්නෙ නැහැ. මොකද ට්‍රිප් එක කියවන්න කලින් බලන එවුන්ට අපිව එපාවෙන හින්ද... rolling on the floor ම්ම නම් ඉතින් අපේ අම්මට බොරු කොටියක් කියල රු. 500/- ඉල්ලගෙන තමයි ඔකට සෙට් උනේ..ඔන්න අපෙ root එකේ දල අදහස.

1. ලක්ශපානෙ "සිල්වගෙ" නැන්දලගෙ ගෙදර... :D
2. සිරීපාදෙ...
3. හොටන් තැන්නෙ...
4. නුවර එළිය..

දවස් 7යි ප්ලැන් එක අනුව ට්‍රිප් එකේ ආයු කාලය..

ඔන්න ඔක යන දවසෙ අපි දෙතුන් දෙනෙක් හිටියෙ කොළබ.. කොළබ ඉදල තමයි කට්ටිය සෙට් වෙලා යන්න ප්ලැන් එක තිබුනෙ, ඔක්කොටම කලින් කියන්න ඔන අපි ඔක්කොම ගාල්ලෙ පාසල් ගිහිල්ල ගාල්ල කකා හිටපු කට්ටිය පහු පහුවෙලා ඇත් උණාට.

මතක හැටියට යන්න සෙට් වෙල හිටියෙ.. මම, රාමෙ, සිල්ව, කලුව, ගීත්, බූන්, කමල්, කුකුල, සමීර, කුලේ, එරන්ද .. මාර කේස් එක තව එකෙක් ගියා මතක නැහැ.. ඔන්න අපි සෙට් උනා කොටුව ස්ටේශන් එකට ලක්ශපාන යන්න බලාගෙන.. හවස 5.30ට බස් එකක් යනව මස්කෙළියට ද කොහෙදො.. එකෙ යන්න හිත ගෙන අපි ගියා පිටකොටුවට.. බස් එක කට කපල සෙනග.. ලක්ශපානෙට යන්න පැය 3 4ක් යන්ව.. කොහොම කොහොම හරි බස් එකේ නැගල හිරවෙල දගලල අමරුවෙන් යන්න පිටත් උනා.. යන අතරමග එක එක දේවල් උණාට ඒව එච්චර වැදගත් නැහැ.. මොකද කස්ටියට එතරම් මල පැනල ඔය ටික ගියේ.. බස් එකේ ඉන්නෙ regular කට්ටිය office ඇරල ගෙවල් වල යන අය.. උන් එක්ක එක එකා ඇරගන්න ගියත් බොහොම අමාරුවෙන් ශේප් එකේ ලක්ශපානට..

අපි යනකොට රැවෙලා තිබුන නිසා කැම බීම problem එකක් වෙලා තිබුනෙ. ඔන්න කොහොමහරි අපෙ දෙතුන් දෙනෙක් ගෙදරින් පිටවෙලා කැම හොයන්න එළියට ගියා. ඔය කිව්වට එහේ night කඩවල් නැහැ. උන්ට පුරුදු town එකෙ ඉදලනෙ.. මත් හෙමීට උන් එක්කම එළියට බැහැල ගියා යන දිහාක ගිහින් කෙහෙල් කැනක්වත් කපාගෙන එමු කියල.. laughing

ගමටම තිබුණ එකම කඩේට යනකොට එක වෙලාවට ඇරළ තිබුණ.. පාන් සමග හකුරු අරගෙන අපි හිටපු 4 5 දෙනා බඩ පුරව ගත්ත.. අනිත් එවුන්ට ඉතින් ඇල් වතුර තමයි එදා රැ...

පහුවදා වෙච්ච දේවල් අනිත් කොටසෙ..

***********************************************************************

........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...

1st Step...  

Posted


අපිට අමතක වෙලා යන පරණ දෙවල් ලියල තියන්න කියල මම මෙක ඔන්න අද අරිනව.. හුගක් දෙවල් අමතක වෙලා ගිහිල්ල. කස්ටිය බලවි ඉතිහසය අයෙ ලියන්න යනවද කියල මෙ ලියන්නෙ මගෙ ඉතිහාසය මට නම් එක ඉත රසවත් දෙයක් උනාට බලන අයට නම් චාටර් කලයක් වෙවි.

ඒත් මතක් වෙන වෙන විදියට අපි කොලු කාලෙ කරපු දහදුර වැඩ, හොද වැඩ එකතු කරන්න බලන්න ඔන..

කට්ටියකට දහදුරා වැඩ උනාට මටනම් එවා බොහොම රසවත් වගෙම අත්දැකීම් ගොඩක් ලබාදීපු රාජකාරි.

මෙහෙම ලියල ඉවර කරන්න බැරි තරමට අපි ලොකෙ කාපු උදවිය.. මෙකෙ කොටන එක තමයි එපාවෙන සිද්ධිය..

සැලකිය යුතුයි..:
1. මෙහි සදහන් දෑනිසා කගෙ හරි හිත් රිදීමක් සිදුවේනම් මාගේ බලවත් කණගාටුව.. මොකද අපේ ඉතිහසෙ ලාවට අප්සට්.. සමහර අය කියාවි එක අශීලාචාර වැඩී කියල.. මොළේ කොච්චර එපා කිව්වත් Heart එක කිව්වෙ කරපාන් කියල...

2.මේවා කිසි දෙයක් අත්හදා බලල පස්සට පසුතෙවිලි වෙන එක ගැන මම වග කියන්නෙ නැහැ. මොලේ ලාවට හරි තියෙනවනම් මෙව කරල ගැලවෙන්නත් පුලුවන්..


http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
.. :D
........ READ FULL | ලිපියේ ඉතිරිය කියවන්න...